මාස තුනකට පසු ලැව්ගිනි පාලනය කෙරේ

ඔස්ට්‍රේලියාවට බලපා ඇති දරුණු ලැව්ගිනි තත්ත්වය මාස 3කට පසුව මැඩපැවැත්වීමට හැකියාව ලැබී ඇතිබව එරට බලධාරීන් පවසයි.

ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින අතරතුරදී ඇදහැලෙන වැසි තත්ත්වය ලැව්ගිනි පාලනය වීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලැව්ගිනි තත්ත්වය තවත් සීමිත ප්‍රදේශයක පවතින අතර එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

කෙසේවෙතත් ලැව්ගිනි පාලනය කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග නොගන්නා බව පවසමින් එරට ජනතාව විරෝධතා ව්‍යාපාර ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.