සජිත් මහා මැතිවරණයට කැන්ගරුවා ලකුණින්

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනම පෙරමුණකින් තරග වැදීම සඳහා තම පක්ෂය සමඟ සාකච්ඡා පවත්වන බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂ නායක ඒ එස් පී ලියනගේ මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා වැනි කෘතහස්ත දේශපාලඥයකු තම පක්ෂයෙන් තරග කිරීම භාග්‍යයක් බවත් දැනට ඇති දේශපාලන පක්ෂ අතරින් දූෂණ වංචා චෝදනා නැති එකම දේශපාලන පක්ෂය තම පක්ෂය බවත් ඔහු පැවසීය.

පවතින සාකච්ඡා සාර්ථක වුවහොත් ඉදිරි මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා කැන්ගරුවා ලකුණින් තරඟ කරනු ඇතැයිද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

Leave A Reply

Your email address will not be published.