ගුරු තරුව නිවී යයි..!

ප‍්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 71 හැවිරිදි වියේ පසුවුණා.

වේදිකා නාට්‍ය රංගනයෙන් සිනමා රංගනයට පිවිසි ජයලත් මනෝරත්න මහතා මෙරට පේ‍්‍රක්‍ෂක හදවත් දිනාගත් විශිෂ්ඨතම රංගන ශිල්පියෙක් ලෙසයි සැලකෙන්නේ. 1976 වර්ෂයේදී සිනමාවට පිවිසි ඒ මහතා මේ දක්වා චිත‍්‍රපට 40 කට වැඩි සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

ටෙලිනාට්‍ය 35 කට අධික සංඛ්‍යාවකට ද ජයලත් මනෝරත්න මහතා සිය රංග දායකත්වය ලබාදුන්නා.

වේදිකා නාට්‍ය 37කට අධික ප්‍රමාණයක ජයලත් මනෝරත්න මහතා රංගනයේ යෙදී තිබෙනවා..

වසර 49 ක් ශී‍්‍ර ලංකේය කලාවට අනුපමේය සේවයක් කළ ජයලත් මනෝරත්නයන්ගේ වියෝව මෙරට කලා ක්‍ෂේත‍්‍රයට පිරිමැසිය නොහැකි පාඩුවක්.

Leave A Reply

Your email address will not be published.