20- 20 තරගාවලිය ඉන්දියාව ජය ගනී

 

තරග තුනකින් සමන්විත වූ ශ්‍රී ලංකා – ඉන්දියා 20 – 20 ක්‍රිකට් තරගාවලිය 2 – 0 ක් ලෙස ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අද පූනේ හිදී පැවති 03 වැනි 20 – 20 තරගය කඩුළු 04 කින් ජය ගනිමින්.

මෙහි ප්‍රථම තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමන්නට සිදු වූ අතර දෙවන තරගය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

අද පැවති තුන්වන තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත්තා. එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල්. රාහුල් ලකුණු 54 ක් සහ ශේකර් දවාන් ලකුණු 52 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ලෙස ශ්‍රී ලකා කණ්ඩායමට ලබා ගත හැකි වුයේ පන්දු ඕවර 15 යි පන්දු 05 ක් තුල සියලු දෙනා දැවී ලකුණු 123ක් පමණි.

Leave A Reply

Your email address will not be published.