බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අපේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇගයීමක්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ ශ්‍රී ලාංකාව සමඟ වෙළඳ සබඳතාව ඇතිකර ගැනීමේ මහඟු අවස්ථාවක් එක්සත් රාජධානියට අද උදාවී ඇති බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන නේස්බි සාමිවරයා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, පසුගියදා බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලය තුල අදහස් දක්වමින්.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන නේස්බි සාමිවරයා පසුගිය 07 වනදා බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලය අමතමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් පල කළේය.

එහිදී අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මෙම වසරේදී ශ්‍රී ලංකා රජයට එරෙහි යෝජනා හකුලා ගනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කර සිටියි.

 

Leave A Reply

Your email address will not be published.