ෂේන් වෝන්ගේ තොප්පියේ වටිනාකම දැනට ඩොලර් මිලියන 05 ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩපැවැත්විමේ කටයුතු සඳහා සහයවීමේ අරමුණින් වෙන්දේසියට යොමු කළ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක ෂේන් වෝන්ගේ ක්‍රිකට් හිස් වැසුමට මේ වනවිට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 05කට අධික වටිනාකමක් හිමිව ඇති බව වාර්තා වෙයි.

වෙන්දේසිය පසුගිය 05 වනදා ආරම්භ වූ අතර ඔස්ට්‍රේලියානු වේලාවෙන් හෙට පෙරවරු 10.00ට වෙන්දේසිය අවසන් කිරිමට නියමිතයි.

ඒ අනුව මේ වන විට ෂේන් වෝන්ගේ ක්‍රිකට් හිස් වැසුම සඳහාවෙන්දේසියේ දී ඔස්ට්‍රේලියානු ඩොලර් පනස් පන් ලක්ෂ 500ක මිලක් නියම වී ඇත.

ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ඨතම දග පන්දු යවන්නෙකුවන ෂේන් වෝන් වසර 15 ක සිය ටෙස්ට් දිවියේ තරග 145කදි පැළදි හිස් වැසුම මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කෙරුණි.

Leave A Reply

Your email address will not be published.