ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන ඉල්ලා අස්වේ…

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ කුමාරසිංහ සිරිසේන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මේ බව අද කොළඹ කොටස් වෙළඳපල වෙතද දැනුම්දී තිබේ.

කුමාරසිංහ සිරිසේන මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු ද වෙයි.

ඔහු මාසික වැටුප් සහ දීමනා ලෙස රුපියල් කෝටියක පමණ මුදලක් ලබාගත් බවට වෘත්තීය සමිති විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරන ලදී.

Leave A Reply

Your email address will not be published.