අධිකරණයේ විභාගයේ තීන්දුව ලබා දුන් මිනී මැරුම් නඩුවක් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්රීවරයා බලපෑම් කරන අයුරු දැක්වෙන හඬපටයක් ඔහු සතුව තිබී රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
එකී හඬ පටයෙන් ඔහු රහස් පොලිසියේ හිටපු ප්රධානී ශානි අබේසේකර සමඟ සාකච්ඡා පවත්වයි.
එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් අධිකරණයේ විනිසුරුවරියකට ඇමතු බවත් රටම බලා ඉන්න මිනීමැරුම් තීන්දුවක් යයි ඇයට පැවසූ බවත්ය.