හැමෝම ජනාධිපතිතුමාට සහය දෙන්න

රට ඉදිරියට ගෙනයාම සඳහා පත්වූ නව රජයට සියලුදෙනා එක්ව සහයෝගය දැක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ ඛෙත්තාරාම ප්‍රෙද්ශයේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

“ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහාතා පත්වෙලා දැන් සති තුනයි. ඒ මහතා විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. රටට නව නායකයෙක් ලැබුනාම ඒ අළුත් ආණ්ඩුවට සහ නායකයාට සියලු දෙනාම සහයෝගය දෙන්න ඕනේ.

මේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය දුප්පත්කම. ඒ නිසා අළුත් රජයක් විදිහට රටේ දුප්පත්කම නැති කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අළුත් රජයට සහ අළුත් ජනාධපතිට සහයෝගය දක්වන්න ඕනේ.“

Leave A Reply

Your email address will not be published.