විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට හැක්කේ ජවිපෙටයි – නාමල්

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතරම් විශාල ජයග්‍රහණයක් ලැබීම සඳහා එකම හේතුව බවට පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ඇති දුර්වල තාවය බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය.

දුර්වලකම බරපතලම බව පැහැදිලි කළ දිය හැක්කේ මැතිවරණයට මාස දෙකකට කලින් හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා සමඟ තමන් ඇතුළු කණ්ඩායම සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී මුදල් වෙන්කොට ඇති ගොවීන්ට ගෙවිය යුතු ආධාර මුදල් ටික ලබා දීමට පොරොන්දු වූ බවද එහෙත් මැතිවරණය අවසන් වන තුරු ගොවීන්ට එම මුදල ලබා නොදීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තිබියදීත් දුර්වල බවත් ආණ්ඩු බලය නොමැති වීමේ දී දුර්වල බව ද පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කණ්ඩායම් කිහිපයකට බෙදී තිබෙන බවත් රනිල් කණ්ඩායම සජිත් කණ්ඩායම කරු කණ්ඩායම නවීන් දිසානායක කණ්ඩායම් ආදී වශයෙන් වෙන් වී තිබෙන බවද සඳහන් කළේය.

මෙම කණ්ඩායමට විපක්ෂයේ කාර්යභාරය සිදුකිරීමට නොහැකි බවත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ සතු කණ්ඩායමට බව සඳහන් කළේය.

සජිත් මහතාට වීපක්ෂ නායකකම ලබා දීම ළමයෙකුට ලබා දුන්නා හා සමාන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දීම ද එවැනිම තත්ත්වයක් බවද සඳහන් වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.