ගෝඨාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි.. – ජවිපෙ

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දිය යුතුය ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ඇති බවත්, හමුදාවට පොලිස් බලතල ලබාදී ඇති බවත්, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.