ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. 1988 සිට HIV වෙනුවෙන් දිනයක් වෙන් කළ අතර සෑම වසරක ම දෙසැම්බර් පළමු වෙනි දා ඒ සඳහා යොදාගනියි. මෙවර ලෝක AIDS දින තේමාව වන්නේ එක්ව සිතමු වෙනසක් කරමු AIDS දුරලමු යන්නයි. ( Communities make the difference )

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහනෙහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව අදහස් පල කළා.

“ශ්‍රී ලංකාව HIV අඩු ආසාදිත රටක් ලෙස හඳුනාගත හැකියි. එය ආසාදනය වූවන් 0.1 වඩා අඩු ප්‍රමාණයක්, නැතහොත් 1000ට 1කටත් අඩු අනුපාතයක් ලෙසින් ප්‍රමාණාත්මකව දැක්විය හැකියි. සමාජය තුළ HIV ආසාදනය වූවන් පිළිබඳව ඇත්තේ ඉතාමත් පසුගාමී සෘණාත්මක ආකල්පයකි. ඉන් පැහැදිලි වන්නේ මේ තත්ත්වය පිළිබඳව සමාජය සතුව ඇති අවම දැනුවත්භාවයයි. මෙම දුර්මතයන් බැහැර කිරීමට නම් සමාජය මේ පිළිබඳව නිසි ලෙස දැනුවත් විය යුතුයි. HIV යනු හුදෙක් තවත් එක් රෝගී තත්ත්වයකි. ඇතැම් විට එය ශරීරගත වනුයේ එම රෝගීයාගේ අනුදැනුමකින් හෝ ක්‍රියාවකින් තොරවයි. එවැනි පරිසරයක් ඇති පුද්ගලයන් සමජයේ දුර්මතයන්ට ගොදුරුවීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි.

ඉහත දැක්වූ කරුණු ගෙන බැලීමේ දී නැවත නැවතත් පසක්වන්නේ මේ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය පුළුල් විය යුතු බවයි. තව ද මාධ්‍ය හරහා ද සුබ සිද්ධිය වෙනුවෙන් ජනතාව තවදුරටත් මේ පිළිබඳව ධනාත්මක ආකරයෙන් දැනුවත් කිරීම වඩාත් යෝග්‍ය බව සිහිපත් කළ යුතුයි. “

Leave A Reply

Your email address will not be published.