මෙරට ළමුන්ගෙන් 50% කට විටමින් D ඌණතාව

මෙරට ළමයින්ගෙන් 50% ක් විටමින් D ඌණතාවයෙන් පෙළන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කළේ, මෙය ලෙඩ රෝග රැසකට හේතුවනු ඇති බවයි.

විටමින් D ඌණතාව මඟ හැරවීම සඳහා පෙරවරු 10 ත් පස්වරු 2 ත් අතර විනාඩි කිහිපයක් හිරු එළියට නිරාවරණය වීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය රේණුකා ජයතිස්ස පැවසුවා ය.

– සිළුමිණ ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.