අගමැතිකමෙන් හා එජාප නායකත්වයෙන් ඉවත් වීමට රනිල්ගේ තීරණයක් ?

එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් හා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් වන බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

අද පස්වරුවේ පැවති පක්ෂ ප‍්‍රධානින් අතර හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පල වී ඇති බවද වාර්තාවෙයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා සහ එක්සත් ජාතික පක්ෂ නායකයා කළ යුතු බවටය යෝජනා ඉදිරිපත් වී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් විසින් මේ සම්බන්ධයෙන් දැඩි අරගලයක් ආරම්භ කිරීමටද සූදානම් කරමින් සිටිති.

අද දින මාධ්‍යය අමතමින් ඇතැම් මැති ඇමතිවරුන් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා දැන් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතුව ඇති බවය.

Leave A Reply

Your email address will not be published.