එංගලන්තය විසින් නවසීලන්තයට ලෝක කුසලාන තරගය නැවත මතක් කරදෙයි

නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය නැවතත් ක්‍රීඩා ලෝලීන්ට මතක් කරමින් එංගලන්තය සහ නවසීලන්තය අතර පැවති අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට එංගලන්තය අද සමත් වුණි.

ඒ ජයත් සමඟ තරගාවලියේ ජයද හිමි කර ගත්තේ එංගලන්තයයි.

නවසීලන්තයේ ඕක්ලන්ඩ්හීදි තරගයේ කාසියේ වාසියේ දිනු එංගලන්තය පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළේය.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ප්‍රමාද වූ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 11කට සීමා වුණි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 11 අවසානයේදී කඩුළු 5ක් පමණක් දැවි ලකුණු 146ක් රැස් කරගත්තේය.

මාටින් ගප්ටිල් ලකුණු 50ක් රැස් කළේ පන්දු 20කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින්.

කොලින් මුන්රෝ ලකුණු 46යි.

ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්තයද නියමිත පන්දුවාර 11 අවසනායේ කඩුළු 7ක් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 146ක්.

ජොනි බෙයාස්ටෝ ලකුණු 47ක් රැස් කළේය.

ඒ අනුව මෙවර ලෝක කුසලානය නැවතත් ක්‍රීඩා ලෝලීන්ට සිහිකරමින් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාරය තුළ රැස් කළ ලකුණු සංඛ්‍යවා 17ක්.

නවසීලන්තයට සුපිරි පන්දුවාරයේදී රැස් කරගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 8ක් පමණයි.

ඒ අනුව අවසන් විස්සයි විස්ස තරගය ජය ගත් එංගලන්තය තරග 3 ට 2 ක් ලෙස තරගාවලියේ ජයද හිමි කර ගත්තේය.

 

Leave A Reply

Your email address will not be published.