බර්ලින් පවුර බිඳදමා වසර 30 යි

ඓතිහාසික බර්ලින් තාප්පය බිඳ දැමීමේ 30 වැනි සංවත්සරයට සමගාමීව ජර්මනිය පුරා සැමරුම් සංවිධානය කර තිබුණි.

නොවැම්බර් 9දා සලකුනු කරන්නේ බර්ලින් තාප්පය බිඳ දැමීමේ 30 වැනි සංවත්සරයයි.

පිහිටුවා වසර හතලිහකට පසු ජර්මානු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාන්ඩුවේ අවසානය එහිදී සලකුණු කෙරෙයි.

බර්ලින් තාප්පය බිඳ දැමීමේ 30 වැනි සංවත්සරයට බර්ලින් නුවර සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබුණි.

ඊට සමගාමීව ඩැනියෙල් බැරන්බෝයිම් යටතේ වන බර්ලින් ඔකෙස්ට‍්‍රාව බ‍්‍රැන්ඩන්බර්ග් ද්වාරයේ දී ප‍්‍රසංගයක් ඉදිරිපත් කළා.

එවකට නැගෙනහිර ජර්මනියේ සිට බටහිර ජර්මනිය තුළට මිනිසුන් පලා යාම වැළැක්වීම සඳහා බර්ලින් තාප්පය ඉදි කරන ලද්දේ වසර 1961දීයි.

දෙපාර්ශවය අතර තිබූ සීතල යුද්ධය නිමා කිරීම සංකේතවත් කරමින් වසර 1989 නොවැම්බර් 9 වැනිදා බර්ලින් තාප්පය බිඳ හෙළනු ලැබුණි.

අනාගත පරපුරට දැක බලා ගැනීම සඳහා කිලෝ මීටර 155 ක් (සැතපුම් 96 ක්) දුරට තනා තිබූ මෙම ඓතිහාසික තාප්පයෙන් කිලෝ මීටර තුනක පමණ කොටසක් ඉතිරි කර ඇත.

දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත් වීමෙන් පසු නැගෙනහිර සහ බටහිර වශයෙන් දෙකඩ වු ජර්මනිය, බර්ලින් තාප්පය බිඳ වැටී වසරක් ඇතුළත එක්සත් වුණි.

බර්ලින් තාප්පය බිඳ දැමීමේ 30 වැනි සංවත්සරයට සමගාමීව බ‍්‍රැන්ඩන්බර්ග් ද්වාරය අසළ චමත්කාර ගිනිකෙළි සංදර්ශනයක් පවත්වා ඇත.

මේ අතර ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මිනිස් නිදහස පවුරුවලින් කොටු කිරීමේ කාලය ඉක්ම ගොස් ඇති බවට සුවිශේෂ ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.