ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ ලිය කියවිලි නීතිඥ අලි සබ්රි පෙන්වයි Video

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරගෙන ඇතැයි ඔහුගේ නීතිඥ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

අද දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු ඊට අදාළ ලිපි ලේඛන මාධ්‍යයට ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සදහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් අමෙරිකානු පුරවැසියෙකු බවට පළවන වාර්තා අසත්‍යයි බවයි.

එසේම තවදුරටත් ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසියෙක් බවට පැතිරෙන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඒ බව තහවුරු කරන සියලු ලිපි ලේඛන මැතිවරණ කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.