TNA දෙමළ ජනතාව රවටනවා-සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන්නැයි ආර්.සම්බන්දන් මහතා අතුළු දෙමළ ජාතික සන්ධානය ‍දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම හරහා සිදුවන්නේ එම ජනතාව නැවත වරක් රැවටීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා ඊයේ කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්ය.

“ඉලංගෙයි තමිල් අරසු කච්චි ආරම්භයේ සිටම ඒ අයත් සමග ඉන්න අනිකුත් පක්ෂ එක්ක එකතුවෙලා හෝ නැතුව ඒක තීන්දුවකට ඇවිල්ලා තියෙනවා.සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙන එක තමයි එයාලා ගත්තු තීරණය.

එයින් පසුව වුණු හැම දෙයක්ම එයාලා අධ්‍යක්ෂණය කළ නාට්‍යක් කියලා අපි සිතනවා.ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය විශ්වවිද්‍යාල සිසුන්ව අතකොලුවක් ලෙස භාවිත කරලා යෝජනා දහතුනක් හැදුවත් අන්තිමේදි හැමෝම මෝඩයන් කරන විදිහට තමයි ඒයාලා හැසිරුණේ.

විශ්ව විද්‍යාල සිසුන් විතරක් නෙවෙයි එයාලත් සමග එකම මේසේ දි කතාකරපු අපිවත් තමයි රැවැට්ටුවේ.පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන දිනවන්න ඕනි කියලා කොන්දේසි රහිතව එයාට ඡන්දය දෙන්න කියලා දෙමළ ජනතාවට කියපු සුමන්දිරන්,ආර්.සම්බන්දන් ,මාවෙයි සේනාධිරාජා, මෛත්‍රීපාල දැන් රැවැට්ටුවා කියනවා.

ඒ විදිහට තමයි දැන් සජිත් ප්‍රේමදාසට සහයෝගය දෙද්දී ,සජිත් අවොත් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙයි කියලත් බලය ලබාදෙයි කියලත් ආර්.සම්බන්දන් ත්‍රිකුණාමලයේදී කිව්වා. තවත් අවුරුදු හතර හමාරකින් පහකින් පස්සේ තමයි සජිත් ප්‍රේමදාස අපි රැවැට්ටුවා කියලා සම්බන්දන්ට තේරෙන්නේ “

 

Leave A Reply

Your email address will not be published.