සිංගර් වෙතින් ඉහළ ධාරිතාව ඇති ස්මාර්ට් ඉන්වර්ටර් ශීතකරණ මාදිලි හයක්

ශ්‍රී ලංකාවට කල්පවතින භාණ්ඩ හඳුන්වා දීමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, නවතම ශීතකරණ මාදිලි හයක්, කිංස්බරි හෝටලයේදී පසුගියදා එළි දැක්විය. එළිදැක්වීමේ උළෙල, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතාගේ හා සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. අලුතෙන්ම හඳුන්වා දුන් මාදිලිවල ඇති විශේෂත්වය නම්, ඒවා ලීටර් 260 සිට ලීටර් 300 දක්වා ඉහළ ධාරිතාවයකින් යුක්ත වීමයි. R600a ශක්තිය ඉතිරි කරන, ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුත් මෙම ශීතකරණ, වැඩි ශක්තියක් වැය වන අනෙකුත් ශීතකරණ අතර සුවිශේෂී වෙයි.
2013 වසරේදී, ශක්තිය ඉතිරි කරන අංග ඇතුළත් ඉතා කෙටි කාලයකින් ජනප්‍රිය වූ R600a තාක්ෂණය දකුණු ආසියාවට හඳුන්වා දීමේ පුරෝගාමියා සිංගර් ශ්‍රී ලංකා සමාගම විය. ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළෙන් 50% කට වැඩි වෙළෙඳ පොළක් අඛණ්ඩව අත්පත් කර ගෙන සිටීමේ හැකියාවද සිංගර් ශ්‍රී ලංකා සමාගම සතුව තිබේ. ඒ හැරුණු විට, 2017 අග භාගයේදී මුල්වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ Geo Smart intelligent ශීතකරණයද සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතින් වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. 2013 වසරේ පටන් මේ දක්වා සිංගර් ශ්‍රී ලංකා සමාගම, ශීතකරණ මිලියනයකට වඩා අලෙවි කර ඇතැයි සාඩම්බරයෙන් සඳහන් කරයි. අඩු බල ශක්තියක් වැය වන එම පරිසර හිතකාමී ශීතකරණය භාවිතයේ ඇති වාසි පිළිබඳව ප්‍රචාරය කළ සිංගර් පාරිභෝගිකයෝද ශීතකරණ වෙළෙඳ පොළ ජය ගැනීමට සිංගර් ශ්‍රී ලංකා සමාගමට සහය දැක්වූහ.
“ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළේ පෙරමුණ ගැනීමට හැකි වීම සිංගර් ශ්‍රී ලංකා සමාගම ලැබූ සුවිශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම නව්‍යෝත්පාදකයකු හැටියට නවතම තාක්ෂණය හා ශක්තිය ඉතිරි කරන විශේෂාංග මුසු කරමින්, ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳ පොළට හොඳම නිෂ්පාදන අපි ඉදිරිපත් කර තිබෙනවා. දේශීය නිෂ්පාදන හරහා ජාත්‍යන්තර මට්ටමට ළඟා වීමට හැකි වනු දැකීම අපට ආඩම්බරයක්. ඒ වගේම මාදිලි හයකින් ශීතකරණ වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලද විශේෂ ජයග්‍රහණයක් වෙනවා” එලෙස අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කරයි.
සිංගර් ශීතකරණ ඉහළ ධාරිතාවයක් දක්වා වැඩි දියුණු කිරීමේදී, පාරිභෝගික අවශ්‍යතා සපුරාලනු පිණිසද ප්‍රමාණයෙන් විශාල ශීතකරණ මිලදී ගැනීමට කැමති උදවිය ඉලක්ක කර ගනිමින්ද සුවිශාල ධාරිතාවයකින් යුතු ශිතකරණ නිපදවීමේ කටයුත්ත සිංගර් ශ්‍රී ලංකා සමාගම භාර ගෙන තිබුණි.
රිසස් හැන්ඩ්ල් මාදිලියෙන්, හැන්ඩ්ල් මාදිලියෙන් හා මිරර් ෆිනිෂ් එලිගන්ට් බ්ලැක් කලර් මාදිලියෙන් එන, හඳුන්වා දුන් නවතම සිංගර් ශීතකරණ ලීටර 260 සහ ලීටර 300 ධාරිතාවයෙන් යුක්ත වේ. වෙළඳ සන්නාමයක් වශයෙන්, නිරතුරුවම පාරිභෝගික තේරීම පිළිබඳ සැලකිල්ලක් දක්වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පාරිභෝගික තෘප්තිය පිණිස ශීතකරණ සැලසුම් කිරීමටත් ඒවායේ නිමාව පිළිබඳවත් වැඩිපුර අවධානයක් යොමු කරයි.
හඳුන්වා දුන් නවතම සිංගර් ශීතකරණ සමගින් ඩෝ සෙන්ට්‍රි, ලෝඩ් ඩිටෙක්ෂන්, ඇම්බියන්ට් ටෙම්ප්‍රෙෂර් ඩිටෙක්ටර්, ස්මාර්ට් එනර්ජි සේවර්, හියුමිඩිටි කන්ට්‍රෝලර්, ඩිජිටල් ඉන්වර්ටර් ආදී විශේෂාංගද, දස වසරක් සඳහා පිරිනැමෙන, වටිනා සිංගර් වගකීම් සහතිකයද හිමි වේ. ශීතකරණ තෝරා ගැනීමේදී සලකා බැලෙන සෑම පහසුකමක්ම ආවරණය කරමින් මෙම ශීතකරණ නූතන අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිර්මාණය කර තිබේ. අද වන විට පාරිභෝගිකයින් ශක්තිය ඉතිරි කරන අංගෝපාංග පිළිබඳව, විශේෂයෙන් ශීතකරණයේ තැන්පත් කරන ආහාරවල නැවුම්බව එලෙසින්ම සුරක්ෂිතව තබා ගැනීම හා ආරක්ෂිත අංග පිළිබඳව බලාපොරොත්තු තබා සිටින අතර, නවතම සිංගර් ශීතකරණ මාදිලි එම අවශ්‍යතා සියල්ලම සපුරා ලයි.
“මෙම ශීතකරණ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමට ලැබීම ශ්‍රී ලාංකිකයින් හැටියට අපි ඉතා ආඩම්බරයට පත් වෙන කාරණයක් වගේම, අපගේ නිෂ්පාදන මගින් ශ්‍රී ලංකාවේ ශීතකරණ වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට හැකි වීම අප ලද ජයග්‍රහණයක් හැටියට සලකන්න පුළුවන්. නුදුරු අනාගතයේදීම, තව තවත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේය.
මෙම නවතම සිංගර් ශීතකරණ දැන් දීප ව්‍යාප්ත සිංගර් මෙගා, සිංගර් ප්ලස් හා සිංගර් අලෙවි නියෝජිතයින් වෙතින් ලබා ගත හැකි අතර, ස්වකීය වටිනා පාරිභෝගිකයින් හට අලෙවියෙන් පසු සේවාව සමගින් වට්ටම් හා අනෙකුත් දීමනා සිංගර් ශ්‍රී ලංකා සමාගම ඉතා සතුටින් යුතුව පිරි නමයි. ක්‍රෙඩිට් කාඩ් හා පහසු ගෙවීමේ ක්‍රම මගින් භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම ද සිංගර් ශ්‍රී ලංකා සමාගම වෙතින් පාරිභෝගිකයින් හට පිරිනැමේ.

Leave A Reply

Your email address will not be published.