දූවිලි වළාකුළු නිසා කොළඹ යළි අවදානමක?

කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි වලාකුළු තත්ත්වය මේ වනවිට පහව යමින් පැවතියද එය නැවතවරක් මතුවීමේ අවධානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි වීරතුංග මහතා මේ පිළිබඳව අඳහස් පල කළේය.

එළැඹෙන 13 වනදා වන විට වායුගෝලයේ පවතින දූවිලි වලාකුළු තත්ත්වය නැවත සුළු වශයෙන් ඉහළ යා හැකි බව පුරෝකථනය කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

නමුත් ඒ පිළිබඳව බිය විය යුතු නැති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරනු ලබන දැනුවත් කිරීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් ඒ මහතා පැවසීය.

Leave A Reply

Your email address will not be published.