ඉන්දියාවට බංග්ලාදේශය හමුවේ දැවැන්ත පරාජයක් !

ඊයේ දිල්ලියේ පැවැති පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලැබීමට ඉන්දියාවට සිදුවුණා. දෙරට අතර පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ද මෙයයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුළු 06 කට ලකුණු 148 ක් රැස්කළා. බංග්ලාදේශය කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 154 ක් රැස්කළේ පන්දුවාර 13.3 ක් තුළදීයි. පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ඉන්දියාව පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා.

 

Leave A Reply

Your email address will not be published.