ඔබේ කකුල් දෙකට පෑගෙන දුවිලි , වැලි වලටත් වැඩිය මම නිහතමානී වෙන්න ලෑස්තියි

රබර්වලට රුපියල් 300ක සහතික මිලක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් ඊයේ පස්වරුවේ වරකාපොළ නගර මධ්‍යයේ දි පැවැත්වුණි.

රබර් සඳහා රුපියල් 300ක සහතික මිලක් ලබාදීමට තමා කටයුතු කරන බව ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බීඩි කර්මාන්තය රැක ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කරන බවයි.

“මිත්‍රවරුනි, බලය ලැබෙන කොට අපි නිහතමානි වෙන්නට ඕන. තමුන්නාන්සේලාගේ කකුල් දෙකට පෑගෙන දුවිලි වලටත්, වැලි වලටත් වැඩිය මම නිහතමානී වෙන්න ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට කියන්න කැමතියි.” යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.