මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් තියෙන්නේ ගෝඨාභය ළඟ-අලි සබ්රි

මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් ලැබෙන්නේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පමණක් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

මහනුවර මඩවල දී පැවැති ජන හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අලි සබ්රි මහතා.,

“අපේ රටේ  පවතින දේශපාලන වාතාවරණය අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  ඡන්ද ලක්ෂ 50 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 14 ක් ලබා ගත්තා.

තොණ්ඩමන් මහතාගේ ලක්ෂ දෙකක්, ඩග්ලස් දේවානන්ද මහතාගේ ඡන්ද  ලක්ෂයක්  අතාවුල්ලා හසන් අලි  බෂීර් සේගු දාවුද් යන මහත්වරුන්ගේ ඡන්ද ලක්ෂයක් යන ඡන්ද සියල්ල එකතු කළ විට ලක්ෂ 68 ක් එනවා.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී  එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලක්ෂ 36 යි.

රවුෆ් හකීම් මහතාගේ ඡන්ද ලක්ෂයක්, රිෂාඩ් බද්යුදීන් මහතාගේ ඡන්ද ලක්ෂයක් දෙමළ සන්ධානයේ ඡන්ද ලක්ෂ තුනත් ඇතුළුව මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 41 යි.

කුඩා දරවකු වුවත් දන්නවා ලක්ෂ 68 කියන්නේ ලක්ෂ 41 කට වඩා වැඩි අගයක්.

එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ යාපනය පුස්තකාලය ගිනිබත් කරනු ලැබුවා.

1983 දී දෙමළ ජනතාවට ප්‍රහාර එල්ල වුණා. ප්‍රේමාදස යුගයේ සිංහල තරුණයින් විශාල ප්‍රමාණයක් ඝාතනය වුණා.

මුස්ලිම් ජනතාව බුරුතු පිටින් ඝාතනය වුණා. 77 ,000 ක් මුස්ලිම් ජනතාව ෂොපින් බෑග් එකක් සමඟ උතුරු නැගෙනහිරින් පිට කළා. යැයිද ඉතිහාසය වෙනස් කළ නොහැකි”

Leave A Reply

Your email address will not be published.