චන්ද්‍රිකාගේ සහය සජිත්ට-හැරිසන් චන්ද්‍රිකාගේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී පවසා සිටියේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනෙතු සමඟ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහයට පැමිණෙනු ඇති බවයි.

ජාතික ආරක්ෂ පිළිබඳ ලංකාවේ වැඩිම අවබෝධයක් ඇති පුද්ගලයා ආක්ෂක ඇමති ලෙස යෝජනා කර ඇති බව අමාත්‍ය පී. හැරිසන් මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.