ගෝඨා ඇමරිකාවටම යවනවා – චන්ද්‍රගුප්ත තේනුවර Video

සජිත් ප්‍රේමදාස මහතා බලයට ගෙන ඒමෙන් සිය ප්‍රතිපත්ති සහ බලාපොරොත්තු ඉටු කර ගතහැකි බව මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි.

”ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සුරකින අලුත් ශ්‍රී ලංකාවක් ” මැයෙන් කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ ඊයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.

“වයස අවුරුදු 70ක ඇමරිකානු පුරවැසියා එන්න හදනවා 19 න් 18 ට යන්න.

1978 ඉඳලා 2015 වෙනතුරු මේ රට රුධිරයෙන් නැහැවුණේ 1978 ව්‍යවස්ථාව නිසා.

අඟල් 26 ජනපති ක්‍රමයක් නෙවෙයි අඩුගානේ අගල් 3ක ජනාධිපති ක්‍රමයක් එහෙම නැතිනම් තුණ්ඩුවක් පාර්ලිමේන්තුවට යවලා එය කළ යුතුයි.

රණවිරු ගාය හදාගත්ත අයට නැවතත් මම කියන්නේ, මොහුව අමෙරිකාවට යවන්න යුතුකමක් තියෙනවා.

අපි කොහොමහරි යවමු ඔහුව.

ඒකට සජිත් දිනවලා අපි හැමෝම දිනන්න ඕනේ.

ඒකෙන් අපි දිනවන්නේ අපේ ප්‍රතිපත්ති.”

 

Leave A Reply

Your email address will not be published.