දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්ම සවස 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල උදෑසන කාලයේදී සිහින් වැසි ඇති විය හැක.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති වේ.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.