චමරි අතපත්තුගෙන් තවත් ශතකයක්

අයි.සි.සි. කාන්තා කුසලාන තවත් තරගයක් අද ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වුණා. ඒ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි දී. ඉන් ඔස්ට්‍රේලියාවට කඩුළු 09 ක ජයක් හිමි වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල දී කඩුළු 08 ක් දැවී ළකුණු 195 ක් ලබා ගත්තා.

පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 196 ක් ලබා ගත්තේ පන්දු වාර 26.5 කදී. ශ්‍රී ලකාව වෙනුවෙන් චමරි අතපත්තු මෙහිදී කැපිපෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 103ක් ලබා ගත්තා.

ඕස්ට්‍රේලියානු කඩුළු රකින ක්‍රීඩිකා ඒ.ජේ. හීලි නොදැවී ලකුණු 112 ක් ලබා ගන්නට සමත් වුණා. ඇය ඕස්ට්‍රේලියානු හිටපු කඩුළු රකින ක්‍රීඩක ඉයන් හීලි ගේ ඥාති දියණියක් ද වනවා.

මේ වන විට අයි.සි.සි. කාන්තා කුසලාන තරගාවලියේ තරග 18 ක් ක්‍රීඩා කර ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඉන් තරග 17 ක් ජයගෙන ලකුණු සටහනේ පෙරමුණේ සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 18 ක් ක්‍රීඩා කොට ඉන් තරග 17 ක් පරාජය වී ලකුණු සටහනේ අට වැනි හෙවත් අවසාන ස්ථානයේ රැඳී සිටිනවා.

Leave A Reply

Your email address will not be published.