සජිත් තවම ඉන්නේ 60 දශකයේ.. මං පොහොට්ටුවට එන්නද ?..- සජිත් පිලේ ප‍්‍රබලයා මහින්දට අමතයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වීමට තමන්ද සූදානම් යයි එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායමෙන් ප්‍රබලයෙක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දුරකථන ඇමතුමක් දී ඇත.

ඊයේ දිනයේ පස්වරුවේ මෙම ඇමතුම ලබා දී ඇති,  බස්නාහිර පළාතේ නොවන මෙම ප්‍රබලයාට මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නිසා ඉල්ලීම ගැන සලකා බැලීමට පෙර අදාල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ යුතුව ඇති බවයි.

කෙසේ නමුත් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාට ඇවිටිලි කර ඇති මෙම ප‍්‍රබලයා පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සමඟ තවදුරටත් ඉදිරියට ගමන් කළ නොහැකි බවයි.

දිනපතා පවසන අවාසිදායක ප‍්‍රකාශයන් හේතුවෙන් පොදු ජනතාව අතර උපහාසයට පත්ව ඇති බවත් මැතිවරණය අවසාන වෙද්දී එය කොතැනින් නැවතේ දැයි සිතාගත නොහැකි බවත් ඔහු සඳහන් කර ඇත. පේ‍්‍රමදාස මහතා පසුවන්නේ 60 දශකයකටත් එහා පසුගාමී තත්ත්වයක බවත් ඔහුගේ කතා විලාසය කිසිසේත්ම පාවෙන ඡුන්ද දායකයාා හෝ මැද පන්තියේ ඡුන්ද ආකර්ශනය කර ගැනීම කිසිසේත්ම සිදු කරගත නොහැකි බව ද ඔහු පවසා තිබේ.

වාර්තාවන ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමේන් කිසිවෙකු එක් කර නොගන්නා ලෙස පක්ෂ නායකත්වයට දැඩිව බලපෑම් කරන කරමින් ඇති බව වාර්තාවෙයි. ඊට හේතු වී ඇත්තේ දැනට පාර්ලිමේන්තු නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා වල සිටින ඇතැම් පිරිස් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ලයිස්තුවට ඇතුළත් වීමට දැඩි තරගයක යෙදී සිටීමයි.

 

ලංකා සී නිවුස් ඇසුරෙනි

Leave A Reply

Your email address will not be published.