ජනපති මෛත්‍රී ශ්‍රීලනිප යෙන් ඉවත් වුණාද ?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයිද එම ආරංචි කියා සිටී.

අද දිනයේ පැවති ශ‍්‍රීලනිප මන්ත‍්‍රී හමුවේදී ඇති වූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇතැයිද සදහන්ය.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම මෙම පුවත වාර්තා කර ඇතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප‍්‍රතිචාර දැක්වීමට කිසිවෙකු සම්බන් කර ගත නොහැකි විය.

– උපුටා ගැනීම – ලංකා සී නිවුස්

Leave A Reply

Your email address will not be published.