පොහොට්ටුවට වාසි වන නිසා නෙළුම් කුළුණ වහන්නැයි ඉල්ලීමක්

කොළඹ නගරයේ ඉදිකර ඇති නෙළුම් කුළුණ ආවරණය කිරීමට හෝ රාත්‍රී කාලයේදී විදුලි ආලෝකය නිවා දැමීඹට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටීමට සුදානමක් ඇති බව වාර්තාවෙනවා.

පොහොට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ලකුණ නිසා කොළඹ නගර මධ්‍යයේ නෙළුම් කුළුණ ප‍්‍රදර්ශනය වීම අනියමින් එම පක්‍ෂයට වාසි ගෙන දෙන බව පවසමින් ජනාධිපතිවරණය සදහා ස්වාධීනව ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.