මෙවර ඡන්දයේ මිලියනකගේ තේමා ගීතය නිකුත්වේ

මෙවර ජනාධිපතිවරණයේ වඩාත්ම බලපෑම් සහිත කණ්ඩායම වනුයේ තරුණ ඡන්ද හිමි කණ්ඩායමයි. 2015 ජනවාරි 08 වැනිදාන් පසුව ප්‍රථම වරට ජනාධිපතිවරණයකට තම ඡන්දය භාවිත කරන සංඛ්‍යාව මිලියනයකට ආසන්න ය. මේ මිලියනයේ සිතුම් පැතුම් වෙනස් ය. ඔවුන්ගේ හැසිරීමෙන් තේරුම් යන්නේ ඔවුන් තමන්ගේ රට මුල් තැනට තබා ක්‍රියා කරන ආකාරයයි. නමුත් බොහෝ පිරිසක් වර්තමාන දේශපාලන පසුබිම පිළිබඳව කැමැත්තක් දක්වන්නේ නැත. ඒ නිසා ඔවුන් දේශපාලනයෙන් ඉවත් ව සිටිති. නමුත්, එසේ ඉවත්ව යාමෙන් සිදුවන්නේ ඔවුන්ගේ මතයට වටිනාකමක් නොමැති වීමයි. ඒ නිසා ඔවුන් ට සක්‍රියව තමන් ගේ මතය නියෝජනය කිරීමට අවස්තාව ලබා ගැනීමට තම තම ඡන්දය භාවිත කල යුතුමය.

ඒ අයුරින්ම මේ මැතිවරණ කාල සීමාවේ ඔවුන් වැඩි පුර භාවිත කරන්නේ සමාජ මාධ්‍යයි. සමාජ මාධ්‍ය හරහා බොරු ප්‍රචාර, මඩ ප්‍රචාර, වෛරී ප්‍රකාශන මේ කාලයේ වැඩි වැඩියෙන් සංසරණය වේ. ඒ නිසාම බොහෝ විට නිවැරදි මතය සමාජ ගත නොවේ. මේ නිසා තරුණ පරපුර මේ අවදියේ සමාජ මාධ්‍ය භාවිතයේ දී අතිශය ප්‍රවේසම් සහගත විය යුතුය.

මේ සියලු කාරනා ගැන කතා බහ කරන සංවිධානය මේ වෙනුවෙන්ම ගීතයක් නිකුත් කොට තිබෙනවා.

ගීතය නම් කර තිබෙන්නේ යහලුවනේ.. යෙහෙළියනේ නමිනුයි.

සංජක ප්‍රසාද් දොලේවත්ත ලියා ඇති මේ ගීතය සංගීතවත් කොට ඇත්තේ ගයාන් රැන්ඩි පෙරේරා.

දුවීන් කුලරත්න සමග සචිනි මහඋල්පත ගීතය ගායනා කරනවා.

ගීතය පහලින්

Leave A Reply

Your email address will not be published.