පොහොට්ටු සාමාජිකයින්ට බැසිල්ගෙන් විශේෂ පණිවුඩයක්

ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති රකිමින්, සමාජ සම්මතයන්ට ගරු කරමින්, ඉතා ආදර්ශමත් දේශපාලන හැසිරීමක් අප කදවුරේ සියලූ පාර්ශවයන්ගෙන් අපේක්ෂා කරන බව බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මේ බව සදහන් කරමින් එතුමන් විසින් නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහත පරිදි වේ.

මේ එළැඹ තිබෙන්නේ මෙරට ඉතිහාසයේ සුවිශේෂීම ජනාධිපතිවරණයකි. රට පුරා ඉතා උද්යෝගීමත් ජනාධිපතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වීම සදහා ඔබ විසින් ලබාදෙන සක‍්‍රීය දායකත්වය ඉතා අගය කොට සලකමි. මේ ජනාධිපතිවරණ සමයේදී රාජ්‍යයේ පොදු නීතියට යටත්ව මැතිවරණ නීති රකිමින්, මැතිවරණ ව්‍යාපාරයේ යෙදීම අප සැමගේ ප‍්‍රමුඛතම වගකීමකි. එමෙන්ම සමාජ සම්මතයන්ට ගරු කරමින් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීමේ ආදර්ශයද අප විසින් සමාජගත කළ යුතුව ඇත. සමස්ත මහජනතාව සැමවිටම අප වෙතින් අපේක්ෂා කරන්නේ එවැනි විනය ගරුක, නීති ගරුක දියුණු දේශපාලනික හැසිරවීමක් බව සැමවිටම සිහි තබා ගැනීම ඉතාම වැදගත්ය.

මහජන රැුළි සදහා ප‍්‍රචාරණ පෝස්ටර් ප‍්‍රදර්ශනය කිරීම සදහා නීතියෙන් අවසර ඇත. එම පෝස්ටර් ඇලවීමේදී පොදු ස්ථාන සහ මහජන දේපොළ අපවිත‍්‍ර නොකිරීමටත්, පරිසරය අපවිත‍්‍ර නොකිරීමටත් අප විසින් වගබලාගත යුතුය.

ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට නියත වශයෙන්ම ජයග‍්‍රහණය හිමිවන බව දන්නා ප‍්‍රතිවාදී පාර්ශවයන් අප චෝදනාවන්ට හසුකර ගැනීම ස`දහා විවිධ ක‍්‍රමෝපායන් භාවිත කිරීමට ඉඩ ඇත. එබැවින් ඒ සෑම තත්ත්වයක්ම බුද්ධිමත්ව වටහා ගනිමින්, ඉතා ඉවසීමෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමද අපගේ වගකීමකි.

ජනාධිපතිවරණ ප‍්‍රචාරණ සමයේදීත්, ප‍්‍රචාරණ කාලසීමාව අවසන් වීමෙන් පසු එළැඹෙන පැය 48 විශේෂ කාලසීමාව තුළත්, ඡුන්ද විමසීම පැවැත්වෙන දිනයේදීත්, අප විසින් මෙම දේශපාලන විනය දැඩි ලෙස ආරක්ෂා කළ යුතුය. ජයග‍්‍රහණයෙන් පසුවත් ඉතා ආදර්ශවත් මානුෂීය දේශපාලන හැසිරීමක් මම ඔබ සැමගෙන් අපේක්ෂා කරමි.

– බැසිල් රෝහණ රාජපක්ෂ

Leave A Reply

Your email address will not be published.