පොහොට්ටුවට එන්න අහපු රජයේ ප්‍රභල ඇමති ආපසු හරවා යවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමටත්, එම පක්ෂයේ ජනපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමටත් රජයේ ප්‍රබල ඇමති වරයෙක් සිදු කළ ඉල්ලීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේත්, ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේත්, මන්ත්‍රී කණ්ඩායමේත් දැඩි විරෝධය හේතුවෙනි.

එම ඇමතිවරයා පොදුජන පෙරමුණට එක්වීමට ඉල්ලීම් කළා යැයි පුවත කන වැකුණු සැණින් පොදුජන පෙරමුණට සම්බන්ධ වෛද්‍ය සංවිධානද විපක්ෂ නායකවරයාට දැඩි විරෝධයක් එල්ල කර තිබුණි. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාට ඔවුන් ප්‍රකාශ කර තිබුණේ ඔහු පොදුජන පෙරමුණට එක්වූවහොත් මෙරට සෑම වෛද්‍යවරයෙක්ම පොදුජන පෙරමුණෙන් ඉවත් වන බවයි.

මේ අනුව මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ඔහු සිය පක්ෂයට එක්කර ගත නොහැකි බව ඊයේ (06) පස්වරුවේ එම අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

මෙරට දේශපාලන ඉතිහාසයේ විශාල පිල් මාරුවීම් රැසකට සම්බන්ධ මෙම අමාත්‍යවරයා බොහෝ විට පරාජය වීමට ආසන්න කඳවුර ප්‍රථමයෙන්ම හඳුනාගෙන ජයග්‍රාහී කඳවුරට පැනගන්නෙක් ලෙස ඉතිහාසය පුරා ප්‍රකටය.

2010 ජනපතිවරණයේදි එජාපයේ සිට මහින්ද රාජපක්ෂ රජය සමග එක්වූ ඔහු 2015දී එජාපය සමග එක්විය.

මෙවර ඔහු පොදුජන පෙරමුණට එකතුවීමට සුදානම් වුයේ ඔහුගේ පුත්‍රයා ද සමගින්.

Leave A Reply

Your email address will not be published.