Youth First තරුණ සමුළුව අති සාර්ථකව නිමවෙයි ( Photos සහිතයි )

2019 ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් තාරුණ්‍යය දේශපාලනිකව සවිඥාණික කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳව දැනුවත් කිරීම, මැතිවරණ සීමාවේ සමාජ ජාල ප්‍රවේසමෙන් සහ විනයගරුකව භාවිත කිරීම, තමන්ගේ පරම අයිතියක් වන චන්දය භාවිත කිරීමට පෙළඹවීම ආදී කාරනා මුල් කොටගෙන පැවැත්වූ Youth First තරුණ සමුළුව ඔක්තෝබර් 04 වැනිදා ඉතා උත්කර්ෂවත් ලෙස, සාර්ථකව පැවැත්වුණා. ඒ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේදී.

මේ කටයුත්තට මුලිකත්වය ගත්තේ My First Vote සංවිධානය, ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, ෆේස්බුක් ආයතනය සහ ICTA ආයතනයයි. තරුණ තරුණියන් 1500 ක් දෙනා ඒ සඳහා සහභාගී වුණා. විද්වතුන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්,කලාකරුවන් සහ දේශපාලන නියෝජිතයින් ඇතුළු ආරාධිතයන් රැසක් ඒ සඳහා එක්ව සිටියා.
මේ එහි විශේෂ අවස්ථා කිහිපයක්.

චායාරුප – ජගත් නානායක්කාර

Leave A Reply

Your email address will not be published.