දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහල මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා පාර්තමේන්තුව පවසයි.
දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකිය.
මීට අමතරව, කොළඹ සිට ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇති විය හැකිය.