වැස්ස නිසා පකිස්තාන – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය හෙටට කල් යයි

පකිස්තානය හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පකිස්තානයේ කරච්චි නුවරදී අද ආරම්භ වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය දැඩි වර්ෂාව හේතුවෙන් හෙට දින දක්වා කල් දමා තිබෙනවා. ඒ දෙරටේ ක්‍රිකට් බලධාරීන්ගේ එකඟත්වයෙන්.

ඒ අනුව එම තරගය හෙට (30) පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අද දිනට නිකුත් කර තිබු ටිකට් පත් හෙටද වලංගු බව පකිස්තාන තරග බලධාරීන් ප්‍රකාශ කළා.

දෙරට අතර පළමු එක්දින තරගය ද වර්ෂාව නිසා අතහැර දැමීමට සිදු වුණා.

Leave A Reply

Your email address will not be published.