පියයුරු පිළිකා වළක්වාගන්න – රෝගය කලින් හඳුනාගන්න ආසිරි පියයුරු රැකවරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්.

පියයුරු පිළිකා යනු ගෝලීය වශයෙන් මෙන්ම ශ‍්‍රී ලංකාවේද කාන්තාවන් අතර බහුලව හඳුනාගත හැකි පිළිකාව ලෙස වාර්තා වී ඇති අතර, එම වාර්තා වීම් අනුපාතය වාර්ෂිකව ඉහළ යමින් ඇත.

මෙම තත්වය මත රෝගය වළක්වා ගැනීමට සහ අවම කර ගැනීමට කල්තියා හඳුනා ගැනීම, රෝග විනිශ්චය කිරීම සහ ප‍්‍රතිකාර කිරීම වැදගත් වන හෙයින්, ශ‍්‍රී ලාංකික කාන්තාවන් අතර දැනුවත්භාවය වැඩි කිරීම සහ ඒ පිලිබඳ ධනාත්මක ක‍්‍රියාමාර්ග දිරිගැන්වීම් සිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

කොළඹ ආසිරි සෙන්ට‍්‍රල් රෝහලේ පිහිටා ඇති ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය ස්ථාපිත කළ දින සිට පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කරමින් ඒ පිලිබඳ දැනුවත් කිරීම් සහ අඛණ්ඩව උපදෙස් ලබා දී ඇත.

ස්වයං-පියයුරු පරීක්ෂාව සහ දෛනික පරීක්ෂාව සක‍්‍රියව ප‍්‍රවර්ධනය කරනු ලබන ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය විසින් පියයුරු ආශ‍්‍රිත ගැටළු ඇති කාන්තාවන් සඳහා නොමිලේ උපදේශන සේවාවන් ලබා දෙයි.

අද වන විට මෙම මධ්‍යස්ථානය නොමිලේ උපදේශන 400 කට අධික සංඛ්‍යාවක් ලබා දී ඇත. එහිදී ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය වෙතින් සේවා ලබා ගත් කාන්තාවන් විසින් ‘‘ඉතා කාරුණිකව මෙම සේවාව පිරිනමනවා’’, ‘‘ඉතා ප‍්‍රයෝජනවත් සේවාවක්’’, ‘‘කාන්තාවන් සඳහා හොඳ සේවාවක්’’ වැනි වටිනා ධනාත්මක ප‍්‍රතිචාර සහ අදහස් දැක්වීම් ආයතනයට විශාල ආඩම්බරයක් එක් කරයි.

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකාවක් ලෙස පියයුරු පිළිකා රෝගය ඉහළයත්ම වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ජීවන රටාවේ වෙනස් වීම් හා නවීකරණය කිරීම්, ආහාර පුරුදු වෙනස් කිරීම, දුම් පානය, මත්පැන්, උපත් පාලන ඖෂධ භාවිතය, හෝමෝන ප‍්‍රතිස්ථාපන ප‍්‍රතිකාර දීර්ඝ කාලයක් තිස්සේ සිදු කිරීම, දරුවන් ලැබීම ප‍්‍රමාද වීම සහ මව්කිරි දීම අවම කාලයකට සීමා වීම ආදිය රෝගය ඇතිවීමේ අවදානම් සාධක ලෙස හඳුනාගෙන ඇති බවයි.

මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්, රෝගියා සමඟ ඇති විය හැකි සියලූ අවදානම් සාධක මූලික උපදේශනය අතරතුර සාකච්ඡුා කිරීම, සවිස්තරාත්මක පරීක්ෂණයක් පැවැත්වීම සහ Mammography හෝ Ultrasound Screening පරීක්ෂාව නිර්දේශ කිරීම සිදු කෙරේ. මෑත අතීතයේ දී රෝග විනිශ්චයෙදී එවැනි පරීක්ෂණ කිසිවක් සිදු කර නොමැති අතර ඒවා අවශ්‍ය යැයි සලකනු ලැබේ. රෝග විනිශ්චය සඳහා වැඩි අවධානයක් හෝ තීරණාත්මක තීන්දු ගැනීමට අවශ්‍ය වූ විට, වඩාත් සුදුසු ප‍්‍රතිකාර සැලැස්ම තීරණය කිරීමට හා යෝජනා කිරීම බහුවිධ දැනුමැති කණ්ඩායමක් එක්ව තීරණය කරනු ලබයි.

‘‘මෙම සේවාව නොමිලේ ලබා දෙන්නේ’’ උපදේශනයක් ලබා ගැනීමට අවශ්‍ය අය පැමිණි විට ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඉන් ඉදිරියට සිදු කළ යුතු ප‍්‍රතිකර්ම අප සිදු කරනු ලබනවා.’’ යැයි මේ පිලිබඳ අදහස් දක්වමින් ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානයේ සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය හිමරු විරිතමුල්ල මහතා සඳහන් කළේය.

නිරෝගීමත්භාවය උදෙසා පුරුද්දක් ලෙස පියයුරු ස්වයං පරීක්ෂාවකට ලක් කරන ලෙස මධ්‍යස්ථානයේ උපදේශකයින් සියළුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින අතර මෙම දැනුම හා පුරුදු තම දියණියන්ට ද ලබා දීම වැදගත් බව ඔවුන් මව්වරුන්ට අවධාරණය කර සිටී.

Mammogram හෝ  Ultrasound Scan  සඳහා මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ගේ යම් අසාමාන්‍යතාවයක් පෙන්නුම් කළහොත්, විශේෂඥයින් හමුවී ඔවුන්ගේ වාර්තා සාකච්ඡුා කිරීම සඳහා ආරාධනා කරනු ලැබේ.

කාන්තාවන් අතර සෞඛ්‍යය හා නිරෝගීභාවය ප‍්‍රවර්ධනය කිරීමේ බලාපොරොත්තුව ඇතිව පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය සහ පරීක්ෂාව සඳහා ඔවුන්ව යොමු කිරීමට මෙම මධ්‍යස්ථානය පහසුකම් සලසනු ලබයි. එහිදී විශේෂයෙන් වයස අවුරුදු 40ට වැඩි අයට මෙම මධ්‍යස්ථානය වරින් වර විශේෂ මිල ගණන් යටතේ Mammography පරීක්ෂාව සඳහා අවස්ථාව ලබා දෙයි.

සැත්කම්, oncology, විකිරණවේදය, ව්‍යාධි විද්‍යාව, ප්ලාස්ටික් සැත්කම්, පියයුරු රැුකවරණය පිළිබඳව පළපුරුදු හෙදියන්ගෙන් විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකින් මෙම මධ්‍යස්ථානය සමන්විත වන අතර විශේෂඥ පරීක්ෂාව, රෝග විනිශ්චය, රෝග කළමනාකරණය, පූර්ව හා පශ්චාත් ශල්‍ය සත්කාර මෙන්ම උපදේශන සේවා සැපයීම සඳහා ද ඔවුන් නිරතුරුව කැපවී සිටී. බහුවිධ ප‍්‍රවේශය හරහා රෝගීන්ට ප‍්‍රශස්ථ ප‍්‍රතිකාර සේවාවක් ලබා ගැනීම සහතික කිරීම සඳහා කණ්ඩායම එක්ව හොඳම ප‍්‍රතිකාර සැලැස්ම තීරණය කිරීමට උපකාරී වේ.

”පියයුරු වල ඇතිවන බොහෝ තත්වයන් පිළිකා නොවේ. එය අප පැහැදිලිව හඳුනා ගත යුතුය.ි එවිට සිත් කරදරයෙන් සහ ජිවිතය අවදානමෙන් මුදවා ගන්න හැකි වනවා. පියයුරු ආශ‍්‍රිත ගැටළු වලින් 90% ක්ම පිළිකාවක් නිසා ඇති නොවන නමුත් රෝග ලක්ෂණ එක හා සමානයි. එබැවින් පිළිකා යනු කුමක්ද යන්න හඳුනා ගැනීම අපගේ කර්තව්‍යයයි.” වෛද්‍ය විරිතමුල්ල මහතා මේ පිළිබඳව පැහැදිලි කළේ ඒ අයුරුණි.

Asiri AOI (American Oncology Institute) පිළිකා මධ්‍යස්ථානයේ විශේෂඥයින් සමඟ සාකච්ඡුා කිරීමේ අමතර වාසියක්ද මෙම කණ්ඩායමට ඇත. ආසිරි AOI හි නිරවද්‍යතාවයෙන් යුතුව ක‍්‍රියාත්මක වන පිළිකා ප‍්‍රතිකාර ක‍්‍රමය පදනම් වී ඇත්තේ එක්සත් ජනපදයේ ඔන්කොලොජි ප‍්‍රතිකාර ලබා දෙන ප‍්‍රමුඛතම පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය (UPMC) සමඟ උසස් ගණයේ සහ සහයෝගී ප‍්‍රතිකාර ක‍්‍රමෝපායන් මතය. ආසිරි සහAOI අතර සහයෝගිතාවය මගින් රෝගීන්ට වඩාත් පුළුල් පිළිකා ප‍්‍රතිකාර ලබා දීමට කණ්ඩායමට කටයුතු කරනු ලබයි..

ආසිරි පියයුරු මධ්‍යස්ථාන වෙබ් අඩවිය වන http//www.asirihealth.com/services-and-centres/health-and-wellness/breast-care-centre හරහා මුල් අවධියේදී පියයුරු වල වෙනස්කම් හඳුනා ගැනීම සඳහා ස්වයං පරීක්ෂා කිරීමේ පුරුද්ද ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන තොරතුරු සහ උපදෙස් අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය. .

පියයුරු වල අසාමාන්‍යතා හඳුනාගතහොත් බොහෝ පියයුරු පිළිකා, පිළිකා නොවන බැවින් වෛද්‍යවරුන් ඉක්මනින් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙනු ඇත. නැතහොත් පරීක්ෂා කිරීමෙන් පිළිකා කල්තියා හඳුනා ගැනීම මගින් අවශ්‍ය ප‍්‍රතිකාර සිදු කර ජීවිතය හා පියයුරු බේරා ගැනීමේ අවස්ථාව වැඩි වේ.

වෛද්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.”අපි කල්තියා හඳුනාගැනීම සහ පරීක්ෂා කිරීම ප‍්‍රවර්ධනය කරන්නේ මුල් ප‍්‍රතිකාර ලබා ගැනීම මගින් ඉහළ මට්ටමින් රෝගය සුව කළ හැකි බැවින්. එමගින් අපට ජීවිත බේරා ගත හැකි අතර පියයුරු ද බේරා ගත හැකියි. බරපතල තත්වයකදී ප‍්‍රතිකාරයේ කොටසක් ලෙස බොහෝ විට පියයුරු ඉවත් කරනු ලබනවා, මුල් අවස්ථාවේ ප‍්‍රතිකාර මගින් ගැටිති ඉවත් කිරීම විකිරණ ප‍්‍රතිකාර සමඟ ඒකාබද්ධ කළ හැකියි. පියයුරු සුරැුකීම මගින් රෝගීන් බොහෝ විට සම්පූර්ණ පියයුරු ඉවත් කිරීමක් නිසා අත්විඳින මානසික කම්පනය වළක්වා ගත හැකි වනවා’’.

ආසිරි පියයුරු සත්කාරක මධ්‍යස්ථානය කැපවී ඇත්තේ පියයුරු රැුකවරණය හා සම්බන්ධ සියලූ කාරණා පිළිබඳව විශේෂඥ දැනුම, අනුකම්පාව සහ සහාය ලබා දීම සඳහා ය. මනසේ සාමය ඇති කිරීම සඳහා ගන්නා සෑම උත්සාහයක් සමඟම, කාන්තාවන්ට ආධාරක, සුවපහසු වාතාවරණයක් ඇති බවට සහතික වී ඇත. උපදෙස් හෝ ප‍්‍රතිකාර අවශ්‍ය නම් ආසිරි වෙත පැමිණීමට පසුබට නොවන්න.

Leave A Reply

Your email address will not be published.