රනිල් පිලේ ජනාධිපති ධුරය අහෝසි කරන යෝජනා වලට සජිත් පිලෙන් විරෝධතා

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර මීට ටික වේලාවකට පෙර පැවැති සාකච්ඡාව දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

අගමැතිවරයා විසිවෙනි සංශෝධනය ගෙන ඒමේ වැදගත්කම හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භයේදීම අදහස් පල කර ඇති අතර එම මතයට විරුද්ධ අදහස් සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිලෙන් පළකර තිබෙනවා.

මේ අවස්ථාවේදී ජනාධිපති ධූරය අහෝසි නොකළ යුතු බවත් ජනාධිපතිවරයා අහෝසි කරන්නේ නම් මෙවර ජනාධිපති ධූරය ජය ගැනීමෙන් පසු එය කළ යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

රාජිත සේනාරත්න සහ රවී කරුණානායක මහත්වරුන් සිටියේ ජනාධිපතිධූරය මේ අවස්ථාවේදීම අහෝසි කළ යුතුය යන මතයේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ මැතිඇමැතිවරුන් ඊට දැඩි විරෝධය පළ කරමින් ඔවුන්ට බැණ වැදී ඇතැයි දන ගන්නට ලැබෙනවා.

සජිත් පිලේ ප්‍රබලයකු වන ඇමති හරින් ප්‍රනාන්දු මහතාද මෙම පෙර කැබිනට් හමුවෙන් පසුව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මෙම උණුසුම් තත්වය ගැන සඳහන් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.