සබැදියාව තුළින් ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සැමරීම

ලොව පුරා සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය අනුස්මරණය කෙරෙන අතර එමගින් සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සාමූහිකව එක්ව ආලෝකයක් විහිදුවාලමින් ඒ සඳහා සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කිරීමට අවස්ථාවක් සැලසිණි. සියදිවි නසාගැනීම් වැළැක්වීම විශ්වීය අභියෝගයක් බවට පත්වී ඇත. ගෝලීය වශයෙන් සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ගේ මරණ වලට ප‍්‍රධානතම හේතුන් වන කරුණු 20 අතරට ද සෑම වසරකම සියදිවි නසා ගැනීම යන්න ඇතුළත් වී ඇත.

සියදිවි නසාගැනීම් අනුපාතය පහත හෙලීම සඳහා අර්ථවත් විසඳුම් ලබා දීම සහතික කිරීම සඳහා මෙම සබැදියාවන් උපයෝගී කර ගැනීම ඉතා වැදගත් වේ. සියදිවි නසාගැනීම් වැළැක්වීම සඳහා සෑම කෙනෙකුටම යුතුකමක් හා වගකීමක් ඇත. අද අප ගන්නා තීරණ හා තේරීම් තුළින් සියදිවි නසාගැනීම් වළක්වා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

1995 දී ශ‍්‍රී ලංකාව ලෝකයේ ඉහළම සියදිවි නසා ගැනීම් අනුපාතය ඇති රට බවට වාර්තා විය. කෙසේ වෙතත්, සුමිත‍්‍රයෝ වැනි පාර්ශවකරුවන්ගේ කාලෝචිත මැදිහත්වීම් හේතුවෙන්, 1990 දශකයේ මැද භාගයේ දී සියදිවි නසා ගැනීමේ අනුපාතය උපරිම මට්ටමේ සිට 100,000 කට 45 දෙනෙකු දක්වාත් , 2018 දී 100,000කට 16ක් දක්වාත් අඩු කිරීමට හැකි වීම අප රටක් ලෙස ලැබූ විශාල ජයග‍්‍රහණයකි.

අද වන විට ශ‍්‍රී ලංකාවේ වසරකට වාර්තා වන සිය දිවි නසා ගැනීම් අනුව දල වශයෙන් සෑම දිනකම 8ත් 10ත් අතර පිරිසක සාමාන්‍යයක් සිය දිවි නසාගැනීම් නිසා මිය යති. එසේම තවත් බොහෝ පිරිසක් තම ජීවිතය අවසන් කිරීමට දරන උත්සාහය අසාර්ථක වේ. අවාසනාවකට උත්සාහ කළ සියදිවි නසාගැනීම් පිළිබඳව ශ‍්‍රී ලංකාවේ දත්ත වාර්ථා නොමැත.

මේ වසරේ සුමිත‍්‍රයෝ ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සමරනු ලැබුවේ සැප්තැම්බර් 10 වන දින සවස 3 සිට 6 දක්වා මහවැලි කේන්ද්‍රයේ දී සියදිවි නසාගැනීම් වැළැක්වීම සහ අඩු කිරීම සඳහා සියලූ දෙනා එක්ව කටයුතු කරන ලෙසට ආරාධනා කරමිනි. එහි ප‍්‍රධාන දේශනය, ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නියෝජිත වෛද්‍ය රාෂියා පෙන්ඞ්සේ මහතා විසින් සිදු කෙරිණි.

මෙහිදී ආචාර්ය රාෂියා පෙන්ඞ්සේ, මනෝචිකිත්සක උපදේශක වෛද්‍ය නීල් ප‍්‍රනාන්දු, මනෝ විදයාඥ සහ මනෝ චිකිත්සක නිවේන්ද්‍ර උඩුමන්, නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, LK domain  හි ‘‘හිතවතී‘‘ ව්‍යාපෘති කළමනාකාරිණී නිරෝජා ජයවර්ධන, මෙල් මැදුර, මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ ජ්‍යේෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික ප‍්‍රසාද් ගුණවර්ධන වැනි ප‍්‍රවීණන්ගේ සහභාගීත්වයෙන් සිය දිවි නසා ගැනීම් වළක්වාලීම උදෙසා චින්තනයක් ඇති කරවන කමිටු සාකච්ඡුාවක් පැවැත්විය.
ශ‍්‍රී ලාංකික ප‍්‍රජාවේ සියලූම අංශ ආවරණය වන පරිදි මෙම විද්වතුන් විසින් මහජනතාවට , පුණ්‍යායතන, ප‍්‍රජාවන්, පර්යේෂකයින්, සායනික වෛද්‍යවරුන්, වෘත්තිකයන්, දේශපාලනඥයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයින්, ස්වේච්ඡ සේවකයන්, සියදිවි නසාගැනීමෙන් පිඩාවටපත් පාර්ශ්ව, වෙනත් උනන්දුවක් දක්වන කණ්ඩායම් සහ පුද්ගලයින්ට එකට එක්විය හැකි ආකාරය පිළිබඳව සාකච්ඡුා කළහ. එහිදී සියදිවි නසාගැනීමේ අවදානමක් ඇති පුද්ගලයින්ගේ අවශ්‍යතා, සියදිවි නසාගැනීමේ උත්සාහයෙන් දිවි ගලවා ගත් අය සහ සියදිවි නසාගැනීම් නිසා දුකට පත් පාර්ශවයන්ගේ අවශ්‍යතා කෙරෙහි මහජන අවධානය යොමු කරවීම මෙහි අරමුණ වීය.

එහිදී ජනතාවගේ සියදිවි නසාගැනීම් පිළිබඳ ඇති අවබෝධය වර්ධනය කිරීම සහ වැළැක්වීමේ ක‍්‍රියාකාරකම් ඉස්මතු කර පෙන්වන අතර සමාජයේ යම් පුද්ගලයෙකු වෙත ළඟා වීමට මිනිත්තුවක් ගත කිරීමේ අවශ්‍යතාවය පේ‍්‍රක්ෂකයින්ගේ සිත් ඇදගනු ලැබීය. එමගින් පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, සගයකු හෝ ආගන්තුකයෙකුගේ ජිවිතයට ඵලදායි නව හැරවුම් මාර්ගයක් පේන්වා දීමට ඔවුන්ව දිරිමත් කෙරිණි.

1974 සිට සුමිත‍්‍රයෝ අර්බුදයට ලක්ව සිටින පුද්ගලයින්ට මානසික සහය ලබා දෙනු ලබයි. සෑම සතියකම පීඩාවට පත් පුද්ගලයින් 150 කට වැඩි පිරිසක් ඔවුන්ගේ කාර්යාලය වෙත ඇමතුම් ලබා දෙයි. එහිදී ඔවුන් සංචාරය කිරීම, ලිවීම, දුරකථන හෝ විද්‍යුත් තැපෑල මගින් ඔවුන්ගේ කරදර, බිය සහ පීඩාවන් ගැන එකිනෙකා සමග කතා කිරීමෙන් සැනසීමක් ලබා ගනී.

කරුණාවන්ත හා සැලකිලිමත් ස්වේච්ඡුා සේවකයන් පීඩාවට පත්වූවන්ට සහනය ලබා දීම සඳහා ඔවුන්ගේ කාලය, ඉවසීම සහ සුවිශේෂී දැනුම ලබා දෙයි. මෙම මධ්‍යස්ථානය වසරේ දින 365 උදේ 9 සිට රාත‍්‍රී 8 දක්වා විවෘතව පවතින අතර ආධාර ලබා ගැනීම සඳහා ඕනෑම කෙනෙකුට එහි පැමිණීමට හෝ දුරකථනයෙන් කතා කිරීමට හැකිය. ඒ සඳහා පංතිය, ජාතිය සහ ආගම, දේශපාලන හෝ ලිංගිකත්වය වැනි සාධක කිසිවක් බලනොපායි. සෑම ඇමතුමකටම පූර්ණ රහස්‍යභාවයේ වාතාවරණයක් තුළ මානසික සහය ලබා දෙනු ලබන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙන සේවාවක් වශයෙනි.

අර්බුදයට ලක්ව සිටින පුද්ගලයින්ට ප‍්‍රතිචාර දැක්වීම සහ සියදිවි නසාගැනීම් වැළැක්වීම, සංවේදනයෙන් ක‍්‍රියාකාරීව සවන්දීම සහ විනිශ්චය නොකර ප‍්‍රතිචාර දැක්වීමට අවධානය යොමු කරන සුමිත‍්‍රයෝ හි ස්වේච්ඡුා සේවකයෝ අර්බුදයට ලක්ව සිටින සෑම පුද්ගලයෙකුම සංවේදීව ගැඹුරු තේරුම් ගැනීමකින් සහය ලබා දීමට උත්සාහ කරති. මිත‍්‍රත්වයේ පරමාර්ථය වන්නේ ජීවිතය වැඩි දියුණු කරන තෝරාගැනීම් සඳහා ඇමතුම්කරු සවිබල ගැන්වීමයි.

සුමිත‍්‍රයෝ රහස්‍යභාවයේ සුරක්ෂිත බව සහතික කරමින් මානසික සහය ලබා දෙන අතර එය දින 365ම විවෘත සේවාවකි. උදේ 9.00 සිට රාත‍්‍රී 8.00 දක්වා (නිවාඩු දින ඇතුළුව*. අමතන්න: 2692909, 2683555, 2696666. පිවිසෙන්න: 60/බී හෝර්ටන් පෙදෙස කොළඹ 7. විද්‍යුත් තැපෑල: sumithra@sumithrayo’org

Leave A Reply

Your email address will not be published.