ස්ටීල් ෆෙදර්ස් – යොවුන් සංගීතඥ කැලක ළබැඳියාව

මනුෂ්‍යත්වය තුළින් බිහි වූ, අපූර්ව කලා මාධ්‍යයක් වන සංගීතය වනාහි මිනිස් සිත්සතන් තුළ අනේක මායාවන් මවන්නකි. සමාජයේ මිනිසුන් අතර සංගීතමය හැකියාවන් පිහිටන්නේ විෂමාකාර මට්ටම්වලිනි. එ අවබෝධයත් සමඟින්, වර්ෂ 2018 සැප්තැම්බර් මස 08 වනදා, පානදුර පුරවරයේ දී ස්ටීල් ෆෙදර්ස් (Steel Feathers) යන නමින් මිතුරන් සත්දෙනෙකුගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් පිහිටුවමින්, අපි නවමු ගමනකට පා තැබුවෙමු.
ආරම්භයේ පටන් ම, පවුලක් ලෙසින් එකට බැඳී සිටි අපි, සතියකට වරක් එක්රැුස් වී පුහුණුවීම් කටයුතුවල අඛණ්ඩ ව නිරත වූයෙමු. බේස් ගිටාර් වාදක ඔෂනාත් රාජවසම්, අප කණ්ඩායමේ කළමණාකාර ධුරයට පත් කෙරිණි. කීබෝඞ් වාදනයෙන් දිසුර වරුසවිතාන, ලීඞ් ගිටාර් වාදනයෙන් නෙලූක විජේසූරිය, තාලවාද්‍ය ශිල්පියා ලෙස පූර්ණ ප‍්‍රනාන්දු, ඩ‍්‍රම්ස් වාදනයෙන් යසිරු වරුසවිතාන, ප‍්‍රධාන ගායකයා ලෙස නිපුන ප‍්‍රනාන්දු හා සැක්සෆෝන් වාදනයෙන් හා ගායනයෙන් තරුෂි ද සිල්වා යන අය සෙසු සාමාජිකයෝ වූ හ. තම පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා නිපුන ඔස්ටේ‍්‍රලියාවට පිටත් ව යෑමෙන් පසු, අප පවුලට එක් වූ දිදුල තරුසර, මනා ගායන කෞශල්‍යයකින් හෙබි යෞවනයෙකි.
වසරක අතීතාවර්ජනය තුළ අප හැකියාවන් පිළිබිඹු වූ ස්ථාන අතර ප‍්‍රිය සම්භාෂණ කිහිපයක් හා සංගීත ප‍්‍රසංගයක් ද වෙයි. එ් අතර ම, සංගීත ලෝකයේ නව ප‍්‍රවණතාවන් කෙරෙහි සිත් යොමු කරමින්, නව පරපුරේ ප‍්‍රතිභාපූර්ණ ගායක යුග්මයක් වන භාතිය සහ සන්තුෂ් ගේ ගීත ත‍්‍රිත්වයක සම්මිශ‍්‍රණයක් (mashup) අප විසින් නිෂ්පාදනය කෙරිණි. ෆේස්බුක් හා යූටියුබ් ඔස්සේ ඊට අගනා ප‍්‍රතිචාර රැුසක් ලැබිණි.
ළමා කාලයේ පටන් ම, සංගීතයට පෙම් බැඳි අපට, පාසලේ සංගීත අංශය බෙහෙවින් ළෙන්ගතු තැනක් විය. අප නිරත වූ විෂය බාහිර ක‍්‍රියාකාරකම් අතර සමූහ වාද්‍ය වෘන්දය, ගායක කණ්ඩායම, තූර්ය වාදක කණ්ඩායම යනාදිය ප‍්‍රමුඛ වෙයි. ගායනයට හා වාදනයට පමණක් නොව, පදරචනයට, තනු නිර්මාණයට හා සංගීත අධ්‍යක්ෂණයට ද හැකියාවන් ඇති කිහිපදෙනෙක් අප කණ්ඩායම තුළ වෙති. ඔවුන් අතින් නිමැවුණු අගනා කලාකෘතීන් කිහිපයක් ම පැවතීම එ් බව පසක් කරනු ඇත.
නැඟී එන සංගීත කණ්ඩායමක් ලෙස අපේ අරමුණ, සංගීත නිර්මාණයන් හි ගුණාත්මක බව රැුකගනිමින්, ශ‍්‍රී ලාංකේය සංගීත රසිකයන්ගේ රසඥතාව පවිත‍්‍ර කිරීම යි. 70 දශකයේ ගීත පාදක කරගනිමින් හැකියාවන් වර්ධනය කරගෙන, එම යුගයේ සිංහල හා ඉංග‍්‍රීසි ගීතවල මිහිරියාව නැවත ඉස්මතු කරන්නට අපි වෑයම් කරන්නෙමු. එතෙකුදු වුවත්, වර්ණවත් නාද රටාවලින් හෙබි නවීන සංගීත නිර්මාණ කෙරෙහි ද අප තුළ වූ ළැදියාව සුළුපටු නොවේ.
සංගීතය යනු නැටුමට මෙවලමක් පමණක් නොව, මනුෂ්‍ය ආත්මයට කථා කරන අධ්‍යාත්මික වස්තුවක් වන බව අප දැඩි ලෙස විශ්වාස කරමු. එනිසා ම, අප හැකියාවන් ප‍්‍රදර්ශනය කෙරෙන ව්‍යාපාරික අවස්ථාවලට අමතර ව, අප ජීවිතවලට අධ්‍යාත්මික වශයෙන් වටිනාකම් එක් කරගනු වස්, සෞඛ්‍ය ප‍්‍රවර්ධනය හා සමාජ සේවය උදෙසා සංගීතය ඉවහල් කරගැනීමට ද අපි විශේෂ අවධානයක් යොමු කර ඇත්තෙමු. අප කණ්ඩායම ආරම්භ කිරීමට මත්තෙන්, අප විසින් 2017 වසරේ දී, ශ‍්‍රී ලංකා පදනම් ආයතයයේ දී පවත්වන ලද ලෝක හිමෝෆීලියා දින සැමරුම් උත්සවයට සහභාගී වූ එම රෝගීන්ගේ හිතසුව වෙනුවෙන් සන්සුන් සංගීතමය විශේෂාංග කිහිපයක් ඉදිරිපත් කරනු ලැබීම, ඊට නිදසුනකි. ඉන් ලැබූ ආශීර්වාදය තුළින්, ඉදිරියටත් එවන් සද්කාර්යයන් වෙත යොමු වීමට අපි හදවතින් ම බලාපොරොත්තු වන්නෙමු.
අප කණ්ඩායමේ සාමාජිකයින්, කලා කුසලතාවන් මෙන් ම, තම අධ්‍යාපනික කඩඉම් ද සාර්ථක ව පසුකර ඇති බව පවසනුයේ ඉමහත් අභිමානයකිනි. කණ්ඩායමේ ළාබාලතම සාමාජිකයන් දෙදෙනා අ.පො.ස. උසස් පෙළ හදාරමින් සිටින අතර, සෙසු සාමාජිකයෝ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීහු වෙති. අධ්‍යාපනය හා කලාව සමබර ව ප‍්‍රගුණ කරමින්, මනා පෞරුෂයක් උදෙසා සංගීතය ඉවහල් කරගත හැකි ය යන පණිවුඩය, වත්මන් තරුණ පරපුර වෙත අප දෙනු කැමති වෙමු.
අපගේ දෙමාපියන් වෙතින් අපට ලැබෙන සහයෝගය හා පන්නරය වෙනුවෙන්, අපගේ හදපිරි කෘතඥතාව නිරන්තරයෙන් ම ඔවුනට හිමි වෙයි. එපමණක් නොව, ආරම්භයේ පටන් ම අපට ශක්තියක් වෙමින් අප හා සිටින අනුර ප‍්‍රනාන්දු මහතා ද, ඉසල් ලක්සික හා නිදුක් ප‍්‍රනාන්දු යන සහෘදයන් ද අප ඉතා කෘතවේදී ව සිහිපත් කරමු. වසරක් පුරාවට අප ආ ගමන් මඟ මුළුල්ලේ බොහෝදෙනාගේ ආසිරි, සුබපැතුම් ලැබුවෙමු. යහපත් අරමුණකින් ඉදිරියට පිය නඟන අප කෙරෙහි ඔවුන් තුළ වූ එම විශ්වාසයට අපගේ ගෞරවය අදත්, හෙටත් හිමි වනු ඇත.
සංගීතයේ දිගු ගමනක පළමුවන සංවත්සරය අභිමානයෙන් සමරමින්, “Sing-Along with Steel Feathers” – මියුරු සංගීතමය සුයාමය, එළඹෙන ඔක්තෝබර් මස 19 වනදා, පානදුර ‘නැව්රෝ බීච් රෙසෝට්’ හි පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරෙමින් පවතියි. එ පිළිබඳ වැඩිදුර තොරතුරුsteelfeathers.music@gmail.com යන විද්‍යුත් තැපෑල ඔස්සේ විමසා දැනගත හැක. සිත් සතන් වල ගිනිදැල් නිවාලමින්, සංගීතයේ සිසිල් පහස අත්විඳගැනීමට ඔබට විවෘත ඇරයුමක් මෙසේ කර සිටිමු.

– දිසුර වරුසවිතාන

Leave A Reply

Your email address will not be published.