එජාපය දාල ගියොත් වෙන්නේ අහිගුන්ටිකයා දාල ගිය නයාට වෙච්ච දේ

එජාපෙ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත් කර ගැනීම සඳහා අදාල කරුණු බැලීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කොට තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි, අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර පත්කොට තිබෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේ පවතී උත්සවයකදී කියා සිටියේ රටේ සෑම සියලු දෙනාටම සෞභාග්‍ය උදාකරන අලුත් ගමනකට නායකත්වය දෙන්න තමන් සූදානම් බවයි. බොහෝදෙනා තමන් මුණගැසී කළ ඉල්ලීමක් අනුව අලුත් ගමනකට නායකත්වය දීමට තමන් තීරණය කළ බවද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර එජාපෙ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව කිහිප දෙනෙකු මත පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ එජාප ය හැරදා කවුරුන් හෝ යනවා නම් ඔහුට සිදු වන්නේ අහිගුන්ටිකයා හැර දා ගිය නයාට සිදුවූ දේ බවයි.

Leave A Reply

Your email address will not be published.