බිඟුන් මේ ගයනවා නොවේ… – ගයාන් පීරිස් අද සවස කවියෙන් කියයි

ගයාන් පීරිස් විසින් රචිත තුන්වන කාව්‍ය සංග්‍රහය වන “බිඟුන් මේ ගයනවා නොවේ” ජනගත කිරීම අද (19) ප.ව. 3.00 ට කොළඹ 07, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩාරයන් සහ ප්‍රවීණ සාහිත්‍යධර අනුර කේ. එදිරිසූරිය මහත්වරුන් විසින මෙහි ප්‍රධාන දෙසුම් පවත්වනු ලබනවා. .

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක සම්පත් සල්පිටිකෝරාළමෙහෙයවීමේ කටයුත්තෙන් දායකත්වය සපයනවා..

ගයාන් තරුණ පරපුරේ සිටින විශිෂ්ට කාව්‍යයක්කාරයෙක් ලෙස ප්‍රකටයි. ඔහු මීට පෙර කාව්‍ය ග්‍රන්ථ දෙකක් තිලිණ කොට තිබෙනවා.

ඒ මෙත් මහ බෝසතුනේ’ සහ ‘මහෞෂධ නොදුටු පැන’ නමින්.

අද සවස් වරුවේ ඒ ප්‍රණීත කවි සන්ධ්‍යාවට ප්‍රීතියෙන් යුතුව පැමිණෙන්නැයි prime news අපි ඔබට ආරාධනා කර සිටිනවා.

Leave A Reply

Your email address will not be published.