සාගර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා ඩෙල් ලාංකීය වෙරළ තීරය පිරිසිදු කරයි

• ව්‍යාපාර විසඳුම් සඳහා අලෙවි නියමුවා ලෙසින් ඩෙල් ටෙක්නොලොජීස්, ප්‍රබල හා කාර්යක්ෂම කණ්ඩායමක් සමගින් වසරකට දෙවතාවක් පවත්වන, වෙරළ පිරිසිදු කිරීමේ කාර්යයට අත ගසමින් විශ්ව සාගර පිරිසිදු කිරීමේ ව්‍යාපාරය නිල වශයෙන් දියත් කරයි.
• ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහි වත්මන් ගැටලු සම්බන්ධයෙන් පරිසර හිතකාමී සංවර්ධන සැලැස්මක් ලෙසින් එය ක්‍රියාවට නැංවේ.
• වතමත් ගැටලු සම්බන්ධයෙන් තරුණ පරපුර වෙත අවබෝධයක් ලබා දීමේ අරමුණින්, වෙරළ පිරිසිදු කිරීම තේමා කර ගත් චිත්‍ර තරගයක්ද ලෝක ළමා දිනය නිමිති කර පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඩෙල් ටෙක්නොලොජීස්, 2017 වසරේ පටන්, වෙර‍ළ තීරයෙන් හා ජල මාර්ගවලින් එකතු කර ගත් සාගර ආශ්‍රිත මිශ්‍ර ප්ලාස්ටික් ආරක්ෂිත ඇසුරුම්වලින් XPS™ 13 ‘2-in-1’ සඳහා රැස් කර ගැනීමේ පුරෝගාමියකු විය. මෙම සමාජ සත්කාර්යය තවදුරටත් වරධනය කිරීම පිණිස, ඩෙල් එය විවිධ රටවලට ව්‍යාප්ත කළ අතර, අවසානයේදී ශ්‍රී ලංකාවේ වෙරළ කරාද, මෙම සත්කාර්යය ළඟා වී තිබේ. ලෝක මට්ට්මින් මුල පිරීමක් හැටියට, වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යය පිළිබඳ ඩෙල් අනාවරණය කරමින්, පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා මෙම අගනා සත්කාර්යයට එක් වන ලෙස ස්වේච්ඡාවෙන් එක් වන්නන් හට ඇරයුම් කෙරිණි.
ඒ අනුව, පිරිසිදු කිරීමේ වැඩසටහන් හතරක් කළුතර, ගාල්ල, ත්‍රිකුණාමලය හා වත්තල- උස්වැටකෙයියාව වෙරළ ආශ්‍රිතව වෙන් වෙන් වශයෙන් පැවැත්වේ. එමෙන්ම, ස්වේච්ඡාවෙන් සහභාගි වන්නන්ට පැමිණ ඊට සහභාගි විය හැකි ලෙසින් එය සංවිධානය කර තිබේ. මෙම මූලික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන, වසරකට දෙවතාවක් අඛණ්ඩව පැවැත්වෙන වැඩසටහනේ මූලාරම්භය වශයෙන් සනිටුහන් වේ.
ඒ සඳහා ආරම්භයක් ලෙසින් ලෝක ළමා දිනය නිමිති කර, ස්වෙච්ඡාවෙන් සහභාගි වන ළමුන් සඳහා, ‘සාගර දූෂණය භයානක ප්‍රතිවිපානක ගෙන එන්නේ කෙසේද?‘ මැයෙන්, චිත්‍ර තරගයක් සංවිධානය කර තිබේ. පරිසරය සම්බන්ධයෙන් ළමා පරපුර තුළ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට හා දූෂණය වැළැක්වීම මගින් ලොව යහපත සැලසීමේ ක්‍රම පිළිබඳ අවබෝධයක් ලැබීමටද එය හේතුවක් වේ. ජයග්‍රාහකයින්ට ඩෙල් ලැප්ටොප් සහ අමතර උපාංග ත්‍යාග වශයෙන් පිරිනැමේ.
“ආහාර හා ජීවය ඇතුළත් ජෛව විවිධත්ව මූලාශ්‍රයක් වශයෙන් සාගර පෘථිවියේ අත්‍යවශ්‍ය අංගයක්. ශ්‍රී ලංකාව වඩාත් දූෂණයට ලක්වූ රටවල් අතරින් පස් වැනි ස්ථානයේ තිබෙන බවට මෑතක ශ්‍රී ලංකා සාගර පරිසර ආරක්ෂණ අධිකාරිය හෙළි කර තිබෙනවා. පරිසර හිතකාමී ඉලක්ක 14 යටතේ වූ ඩෙල් ප්‍රතිඥාටව හා ගෝලීය වශයෙන් සිදුවෙමින් පවතින බරපතල ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මෙය මුල පිරීමක් වෙනවා. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවට පිරිසිදු සාගරයක් හා වෙරළ තීරයක් මෙන්ම, ඉදිරි පරපුර වෙනුවෙන් හිතකාමී පරිසරයක් සකස් කිරීමටත් අපි මහන්සි ගන්නවා“ ඩෙල් ටෙක්නොලොජීස් සමාගමේ ශ්‍රි ලංකා සහ මාලදිවයින් ප්‍රධානී ක්‍රිෂාන් ප්‍රනාන්දු සඳහන් කළේය.
2020 ඩෙල් යහපත් අරමුණුවලින් එකක් වන්නේ, සිය ඇසුරුම්වලින් සියයට සියයක්ම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කිරීමයි. ඩෙල්, විවෘත මූලාශ්‍ර ප්ලාස්ටික් සැලයුම් ජාලයක් නිර්මාණය කිරීම සඳහා අනෙකුත් නිෂ්පාදකයින්ද කැඳවා ගනිමින්, වාර්ෂිකව සාගර ආශ්‍රිත ප්ලාස්ටික් භාවිතය දස ගුණයකින් වැඩි කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයටද, ප්‍රතිඥා දී තිබේ.
මිහිමත විශාලකතම ප්‍රතිචක්‍රීකරණ වැඩසටහව ඩෙල් සතු වන අතර, 75 කට වැඩි රටවල් හා භූමිභාග ප්‍රමාණයක එය ක්‍රියාවේ යෙදවෙමින්, ප්‍රතිචක්‍රීකාරක අමුද්‍රව්‍යවලින් වටිනාකම් සෙවීමේ පරිසර හිතකාමී හා මුල්‍ය වශයෙන් ලාභදායී වන ක්‍රමද සොයමින්ද පවති. භාවිතය සලකා ප්ලාස්ටික් පළමුවෙන් වර්ග කෙරෙන අතර, ඒවා යම් පාර්ශවයන් වෙත නැවත විකිණීමට හෝ පරිත්‍යාග කිරීමට හැකිවේ. ඒසේත් නොමැති නම්, ප්ලාස්ටික් භාවිතයට ගත හැකි කොටස්වලට වෙන් කරන අතර, අලුත්වැඩියා කිරීමට හා ඇසුරුම් වැනි වෙනත් දෑ නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයින්ට උපකාරී වේ. ඉතිරිය ප්‍රතිචක්‍රීකරණය කෙරේ. ප්ලාස්ටික්, වීදුරු, හා වානේ හුවමාරු වෙළෙඳ පොළේ නැවත විකිණේ.
2018 වසරේ පටන් ඩෙල් හුවමාරු වෙළෙඳ පොළේ ප්‍රතිචක්‍රීකාරක ප්ලාස්ටික් සපයන මූලාශ්‍රයක්ද වෙයි. 2014 වසරේ දී,‍් විද්‍යුත් අපද්‍රව්‍යවලින් හා ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් මිශ්‍ර කර අලුත් පරිගණක සඳහා කොටස් නිමවීම ඩෙල් විසින් ආරම්භ කෙරිණි. ඒ ප්‍රතිචක්‍රිකරණය කළ ප්ලාස්ටික් සියයට 30-35 ක ප්‍රමාණයක් භාවිත කරමිනි.
මෑත පර්යේෂණ පෙන්නුම් කරන්නේ, මෙට්‍රික් ටොන් මිලියන 8 ක් වාර්ෂිකව සාගර පද්ධතියට එකතු වන බවත්, වාර්ෂිකව, සියයට හතක ප්‍රමාණයකින් වැඩි වන බවත්ය. මෙම ප්‍රශ්නයට මුහුණ දීමේ එක් පියවරක් වන්නේ, සාගරයට ප්ලාස්ටික් එක්වීම කල්තියා වැළැක්වීමයි.
ඩෙල් සහ ලෝන්ලි වේල් 2017 වසරේදී එක්සත් ජාතීන්ගේ සාගර සමුළුව අමතමින්, පරිසර හිතකාමී සංවර්ධන ඉලක්ක 14 යටතේ ඩෙල් ප්‍රතිඥා දුන් අතර, ඒ පිළිබඳ ඩෙල් කණ්ඩායම දැනුවත් කර උක්ත විසඳුම් සඳහා ඔවුන් අනුගත කෙරිණි. ඊට සමගාමීව, Planet employee resource group ගෝලීය වශයෙන් ක්‍රියාවේ නංවන, වෙරළ ගණනාවක් පිරිසිදු කිරිමේ වැඩසටහනක් ලෙසින් ‘Shore Up’ ක්‍රියාත්මක වෙයි.
ඩෙල් ටෙක්නොලොජීස්, සංවිධාන හා තනි පුද්ගලයන් හට ස්වකීය ඩිජිටල් අතාගතය ගොඩ නගා ගැනීමට හා වැඩ කටයුතු හා ජීවිතය වෙනස් කිරීමට උදව් වන ව්‍යාපාර ජාලයකි. සමාගම, සිය පාරිභෝගිකයින් හට ක්ෂේත්‍රයේ පුළුල්ම සහ නවතම තාක්ෂණය සහ සේවාව අසීමාන්තිකව ලබා දීම සඳහා නිෂ්පාදන කාර්යය ව්‍යාප්ත කර තිබේ

සම්බන්ධ කර ගැනීමට-
ශ්‍රී ලංකා හා මාලදිවයින් අලෙවි ප්‍රධානී
රුවන් ගමගේ
Ruwan.Gamage@dellteam.com

Leave A Reply

Your email address will not be published.