මුගාබේගේ අවසන් කටයුතු මසකින් කල් යයි

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සඳහා මසක පමණ කාලයක් ගතවනු ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

කෙසේ වෙතත් මීටපෙර වාර්තා වුණේ අවමඟුල් කටයුතු හෙට දිනයේ සිදුකෙරෙන බවයි.

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබර්ට් මුගාබේගේ දේහය හරාරේ අගනුවර නැෂනල් හීරෝස් (National Heroes) ස්මාරක භූමියේ මිහිදන් කිරීමට නියමිතයි.

ඔහුගේ දේහය පිළිබඳව අවසන් කටයුතු හෙට දිනයේ සිදුකිරීමට නියමිත බව මීටපෙර වාර්තා වූවත් ඒ සඳහා දින 30ක පමණ කාලයක් ගතවනු ඇති බව මුගාබේගේ පවුලේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පවසා තිබුණි.

සිංගප්පූරුවේ සිට රොබර්ට් මුගාබේගේ සිම්බාබ්වේ වෙත රැගෙන ආවේ පසුගිය බදාදා යි.

කෙසේ වෙතත් අවසන් කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට නොහැකිව මුගාබේ පවුල සහ රජය අතර මතභේදයක්ද හටගත් බව මීටපෙර වාර්තා වුණි.

මේ අතර සිම්බාබ්වේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ මුගාබේ ගේ දේහය හීරෝස් (National Heroes) ස්මාරක භූමියේ මිහිදන් කිරීම ඔහුට ලබාදිය හැකි උපරිම ගෞරව බවයි.

තිස්හත් වසරක් බලයේ රැඳී සිටි මුගාබේ හමුදා කුමන්ත්‍රණයකින් අනතුරුව බලයෙන් පහ කෙරුණේ 2017 වසරේදී.

මීට සතියකට ඉහතදී සිංගප්පූරුවේ රෝහලක මියයන විට ඔහු 95 හැවිරිදි වියේ පසුවුණි.

Leave A Reply

Your email address will not be published.