සිසුවියන්ට අතවර කළ හෝමාගම ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට

හෝමාගම, ගොඩගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියක් තුළ දී එහි සිසුවියන් කීපදෙනෙක් ලිංගික අතවරයට ලක් කල බවට චෝදනා එල්ල වී ඇති විද්‍යා විෂය උගන්වන උපකාරක පංති ගුරුවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(11) දිනයේ දී මෙම සැකකාර ගුරුවරයා පොලීස් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා පන්ති කාමරය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන අතර තුර දී එහි සිසුවියන්ගේ ඇඳුම්වලට ඇතුළතින් අත දමා ශරීරය ස්පර්ශ කරන බවට එම සිදුවීමට මුහුණ දුන් ශිෂ්‍යාවක් පැවසීය.

කෙසේ වෙතත් මෙම ගුරුවරයා මෙවැනි ලිංගික අතවරයටන්ට ලක් කල සිසුවියයන් තිදෙනෙකු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට සිදුකල පැමිණිලි මත අදාළ සැකකාර ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි.

එලෙස ලිංගික අතවරයට ලක් වු බව පැවසෙන සිසුවියන්ගෙන් කිසිදු සාක්ෂි විමසීමක් හෝ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට කටයුතු මීගොඩ පොලීසිය කටයුතු නොකළ බවට අදාල සිසුවියන් චෝදනා කරයි.

කෙසේ වෙතත් පොලීසිය පවසා සිටින්නේ ඉදිරියේ දී එයට අදාළ කටයුතු සිදු කරන බවයි.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින මෙම සිසුවියන්ට විද්‍යා විෂය උගන්වන අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇතැයි අනාවරණය වු බව පොලීසිය පවසයි.

ළමුන් සටහන් ලියන අවස්ථාවේ දී අදාළ සැකකාර ගුරුවරයා ඔවුන් වෙත ගොස් ගැහැණු ළමයි අතර වාඩි වී මෙම ක්‍රියාව සිදු කරන බවට සිසුවියන් චෝදනා කරයි.

කෙසේ වෙතත් කිසිදු කරුණු විමසීමකින් තොරව අදාළ ගුරුවරයා උසාවියට ඉදිරිපත් කිරීම ගැන අදාළ සිසුවියන්ගේ දෙමාපියන් කණගාටුවට පත්ව තිබේ.

අද දිනයේ තම දියණියට සිදුවු දෙයට වඩා දෙයක් හෙට දවසේ මෙවැනි ගුරුවරුන් නිසාවෙන් සමාජයේ ගැහැණු දරුවන්ට සිදු විය හැකි කරදරකාරී තත්ත්වය පිළිබඳව සිතා ඔහුට නීතියෙන් පිළිසරණක් ලබා නොදිය යුතු බව සිසුවියන්ගේ දෙමාපියන් පවසයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත් වු සැකකාර ගුරුවරයා, අද(12) දිනයේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මහතාගේ උපදෙස් මත මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ නිලන්ත ගමගේ මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මුලාශ්‍ර – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.