ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවුඩයක් තබා තිබුනා.
දිගින් දිගටම පාඩු සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ කළමනාකාරිත්වය වෙනස් කිරීමට අවස්ථා කිහිපයකදී දරන ලද උත්සාහය අසාර්ථක වූ බවත්ත, මන් විසින් කළමනාකරණය වෙනස් කිරීමට දරන ලද උත්සාහයට ජනාධිපතිවරයා බාධාවක් වූ බවත් ඔහු සඳහන් කරනවා.
රූපවාහිනි සංස්ථාවේ වැටුප් ගෙවීම සඳහා භාණ්ඩාගාරය විසින් බදු ගෙවන්නන්ගේ මුදලින් මාසිකව රුපියල් මිලියන 40ක් ලබා දෙන බව ඔහු තම ට්විටර් පණිවුඩය මගින් සඳහන් කරනවා.