පකිස්තාන සංචාරයට අකමැති ක්‍රීඩකයන් මෙන්න

මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර තිබේ.

ඒ අතරට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (09) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්විය.

එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

යම් හෙයකින් එම ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගි නොවූවහොත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්නට හිමිවනු ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

Leave A Reply

Your email address will not be published.