සාකච්ඡා අසාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් පමණක් ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ අදාළ සාකච්ඡා සාර්ථක කරගැනීමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් ද යම් කැපවීමක් අපේක්ෂා කරන බවයි.

ඇල්පිටිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා මෙම අදහස් පල කළේය.

Leave A Reply

Your email address will not be published.