ක්‍රිකට් දූෂණ වලින් ලංකාව මුල් තැනට

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ සිද්ධීන් 43න් 23ක්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවතීම කණගාටුදායක බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවාඅ.

ඔහු මේ බව පැවසුවේ, කොළඹ එන්.සී.සී ක්‍රිකට් සමාජයේ පැවැති උත්සවයකදී.

කොළඹ එන්.සී.සී ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වසර ගණනාවක් ක්‍රීඩා කරමින් ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලංකාවෙන් බිහි වු සුපිරි ක්‍රිඩකයෙකු වු කුමාර් සංගක්කාර වෙනුවෙන් උපහාර උත්සවයක් පසුගිය 06 වෙනි දා එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබුනා.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර තරග තීරකවරයෙකු වන රංජන් මඩුගල්ල, හිටපු ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණි, අරවින්ද සිල්වා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු නායක ශ්‍රී ලංකා ක්‍රිකට් කුමාර් සංගක්කාර මේ බව ප්‍රකාශ කළා.

“අවාසනාවකට මෑත කාලයේදී ක්‍රිකට් දූෂණ සම්බන්ධය සිදුවීම් කිහිපයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙලා තියෙනවා.දැනට ක්‍රීඩා කරන හෝ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් කැමති නැහැ මෙවැනි චෝදනාවලට ලක් වෙනවට.

අද ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දුෂණ වංචා සිද්ධීන් 43න් 23ක්ම ශ්‍රී ලංකාව පිළිබඳව. ශ්‍රී ලංකාව මේ පිළිබඳ නැගී සිටිය යුතුයි.මේ පිළිබඳ ක්‍රීඩා සමාජයක් විදියට, ක්‍රිකට් කණ්ඩායමක් විදියට, පරිපාලනය විදියට මේ ක්‍රීඩාව හැකිතාක් පිරිසිදු කිරීමට වගබලා ගත යුතුයි.

ඒක පටන් ගන්න ඕනේ හැමෝම දැනුවත් කිරීම තුළින්.ඒ වගේම ක්‍රීඩකයාට විශ්වාසය සහගත යාන්ත්‍රනයක් ස්ථාපිත කරන්න ඕනේ. ඒ හරහා ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ බියකින් තොරව නියැලීමට අවකාශය සැලසිය යුතුයි. ඒ වගේම ඔවුන්, ඔවුන්ට සහ ක්‍රීඩාවට හානි වන ක්‍රමවේදයක කොටස්කරුවෙකු නොවන තැනට වගබලා ගන්න ඕනේ“

Leave A Reply

Your email address will not be published.