රුපවාහිනියේ සභාපති අර්බුදය.. ඉනෝකා සත්‍යාංගනී පුටුවෙන් නොනැගිටියි… කැළුම් නැවත හැරී ගිහින්..

ජාතික රුපවාහිනියේ සභාපතිධුරය සඳහා අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් අද කැළුම් පාලිත මහීරත්න මහතා පත්කර ඒවා ඇති බව prime news අද පෙරවරුවේ වාර්තා කළා.
නව සභාපතිවරයා වශයෙන් පත්කළ කැළුම් පාලිත මහීරත්න මහතා ඒ අනුව අද උදැසන රුපවාහිනියට ගොස් සභාපතිනියගේ කාමරයේ ඇති වෙනත් කාමරයකට වී බලා සිටියේ අමාත්‍යවරයගේ ලේකම්වරයෙකුද සමගින්. දහවල් කාලයේ කාර්යාලයට පැමිණි වත්මන් සභාපතිවරිය කාර්යාලයේ අසුන් ගෙන තම කාර්යයන් කළ අතර තනතුර බාර දීමට ඇය සුදානම් වුයේ නැහැ.

ටික වෙලාවක් රැඳී සිටි කැළුම් පාලිත මහීරත්න මහතා පිටව ගොස් තිබෙනවා.

වත්මන් සභාපතිනිය ඉවත් කල යුත්තේ ජනාධිපතිවරයාගේ නියෝගයකිනි. ජනපතිවරයා ඇය ඉවත් නොකරන නිසා අමාත්‍යවරයා මෙලෙස නව සභාපතිවරුන් පත් කරමින් සිටිනවා. මීට පෙරද ජුලි මස 22 වනදා නව සභාපති ලෙස සංජීව විජේගුණවර්ධන මහතා පැමිණියද ඔහුට ද අත් වුණේ අද කැළුම් පාලිත මහීරත්න මහතා ට අත්වූ ඉරණම මයි.

කැළුම් පාලිත මහීරත්න මහතා තම මාධ්‍ය ජීවිතයේ අත්පොත තැබුවේ ජාතික රූපවාහිනියෙන් වන අතර ඔහු දක්ෂ පරිපාලකයෙකු ලෙස ද නමක් දිනා සිටිනවා. ස්වර්ණවාහිනියේ නියෝජ්‍ය වැඩසටහන් අධ්‍යක්ෂ, සියත ටී.වී. හි වැඩසටහන් අධ්‍යක්ෂ මෙන්ම පසුගිය දා ස්වාධින රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ද ඔහු කටයුතු කළා.

කෙසේ වෙතත් ඔහු අද දහවල් රූපවාහිනියෙන් පිටව ගොස් තිබෙන්නේ දිවා ආහාර ගෙන නැවත එන බව හිතවතුන්ට දන්වමින්.

සේවකයින් පවසන්නේ පරිපාලන අර්බුද මැද දිනෙන් දින රුපවාහිනිය කඩා වැටෙමින් ඇති බවයි. බලා සිටිනවා හැර අපට කළ හැකි දෙයක් නැතැයි ඔවුන් ඉතා කනස්සල්ලෙන් යුතුව prime news වෙත ප්‍රකාශ කළා.

Leave A Reply

Your email address will not be published.